බුද්ධදත්ත පාලි අකාරාදිය – 404

පටිපජ්ජිතුං

නි. පිළිපදින්නට.

පටිපණ්ණ

න. උත්තර ලියුම.

පටිපත්ති

ඉ. ප්‍රතිපත්තිය; පිළිපැදීම; හැසිරීම.

පටිපථ

පු. ඉදිරියෙහි තිබෙන මාර්ගය; විරුද්ධ මාර්ගය.
බලනු.

පටිපදා

ඉ. ප්‍රතිපත්ති‍ය; පිළිපැදීම; පිළිවෙළ; මාර්ගය.

පටිපන්න

3. ගමන් කරන; පිළිපන්; බැසගත්.

පටිපහිණාති

(පටි+ප+හි+ණා) ආපසු හරවා යවයි.

පටිප්පස්සද්ධ

3. සංසිඳුණු.

පටිප්පස්සද්ධි

ඉ. සංසිඳීම.

පටිප්පස්සම්භති

(පටි+ප+සම්භ+අ) යටපත් වේ; සංසි‍‍ඳේ.

පටිප්පස්සම්භනා

ඉ. යටපත් වීම.

පටිපාටි

ඉ. පිළිවෙළ.

පටිපාදක

3. පිළියෙළ කරන්නා; සම්පාදකයා; පු. ඇඳ තබන ආධාරකය.

පටිපාදෙති

(පටි+පද+ණෙ) පිළියෙළ කරයි; සපයයි.

පටිපීළන

න. පෙළීම.

පටිපීළිත

න. පෙ‍ළනලද; පෙ‍ළුණු.

පටිපීළෙති

(පටි+පිළ+ණෙ) පෙළයි.

පටිපුග්ගල

පු. තරහකාරයා; සමාන පුද්ගලයා.

පටිපුච්ඡති

(පටි+පුච්ඡ+අ) විචාරයි.

පටිපුච්ඡා

ඉ. නැවත විචාරීම; ප්‍රශ්න කිරීම.

පටිපූජනා

ඉ. ගෞරව කිරීම; පිදීම.

පටිපූජෙති

(පටි+පූජ+ණෙ) ගරු කරයි; පුදයි.

පටිපෙසෙති

(පටි+පෙස+ණෙ) ආපසු යවයි; යවයි.

පටිබද්ධ

3. ආලය ඇති; ඇලුණු; බැඳුණු; සම්බන්ධ වූ.