බුද්ධදත්ත පාලි අකාරාදිය – 408

පටිවෙදෙත්වා

පූ.ක්‍රි. දැනුම් දී.

පටිවෙදෙති

(පටි+විද+ණෙ) දැනුම් දෙයි; ප්‍රකාශ කරයි.

පටිවෙධ

පු. සත්‍යාවබෝධය.

පටිසංඛත

3. නැවත සංස්කරණය කළ; පිළියෙළ කළ.

පටිසංඛරණ

න. සංස්කරණය.

පටිසංඛරිත්වා

පූ.ක්‍රි. ප්‍රතිසංස්කරණය කොට.

පටිසංඛරොති

(පටි+සං+කර+ඔ) නැවත සකස් කරයි; ප්‍රතිසංස්කරණ කරයි.

පටිසංඛා

පූ.ක්‍රි. නුවණින් බලා.

පටිසංඛාන

න. නුවණින් සලකා බැලීම.

පටිසංඛාය

පූ.ක්‍රි. නුවණින් බලා.

පටිසංඛාර

පු. සංස්කරණය.

පටිසංචික්ඛති

(පටි+සං+චික්ඛ+අ) සිතා බලයි.

පටිසංයුත්ත

3. යුක්ත වූ; සම්බන්ධ වූ.

පටිසංවෙදී

3. විඳින්නා.

පටිසංවෙදෙති

(පටි+සං+විද+ණෙ) විඳියි; සැප දුක් අනුභවය කරයි.

පටිසංහට

3. එකතු කළ; හකුළන ලද.

පටිසංහරණ

න. එකතු කිරීම; හැකිළීම.

පටිසංහරති

(පටි+සං+හර+අ) එත්තැන් කරයි; හකුළයි.

පටිසංහරිත්වා

පූ.ක්‍රි. එක්තැන් කොට; හකුලා.

පටිසන්ථාර

පු. මිත්‍රභාවයෙන් පිළිගෙන සංග්‍රහ කිරීම.

පටිසන්දහති

(පටි+සං+දහ+අ) නැවත ගළපයි.

පටිසන්ධාතු

පු. නැවත ගළපන්නා; භේදවූවන් සමගි කරන්නා.

පටිසන්ධි

ඉ. නැවත ගැළපීම; භවයක ඉපදීම; සත්ත්වයාගේ පිළිසිඳගැනීඹ.

පටිසම්භිදා

ඉ. විශිෂ්ට ඥානය; විශේෂ විභාග දන්නා නුවණ.