බුද්ධදත්ත පාලි අකාරාදිය – 427

පරදවුත්ති

3. අනුන් දුන් දෙයින් ජීවත්වන්නා.

පරදාර

පු. අන්‍යාගේ භාර්යාව.

පරදාරකම්ම

න. අනුන්ගේ භාර්යාවන් වෙත යාම.

පරදාරික

පු. පරභාර්යාවන් කරායාමෙහි යෙදුණු අය.

පරනෙය්‍ය

3. අනුන් විසින් මග පෙන්විය යුතු.

පරපච්චය

3. අන්‍යයන් කෙරෙහි විශ්වාසය තබන; අනුන්ගේ පිහිට සොයන.

පරපත්තිය

3. අන්‍යයන් කෙරෙහි විශ්වාසය තබන; අනුන්ගේ පිහිට සොයන.

පරපුට්ඨ

3. අනුන් විසින් පෝෂිත වූ; කොවුලා.

පරපෙස්ස

3. අනුන්ගේ දූත කම් කරන; අනුන්ට මෙහෙ කරන.

පරපෙස්සිය

3. අනුන්ගේ දූත කම් කරන; අනුන්ට මෙහෙ කරන.

පරභාග

පු. පසු කොටස.

පරම

3. ඉතා උසස්; උතුම්.

පරමත්ථ

පු. ඉතා උසස් යහපත; උසස් බලාපොරොත්තුව; පරමාර්ථය.

පරම්පරා

3. මවුපිය පරම්පරාදිය.

පරම්මුඛ

3. ඉවතට හරවාගත් මුහුණඇති.

පරමාණු

පු. අණු‍වෙන් 36න් කොටස.

පරමායු

න. ආයුෂයේ අන්තිම ගණන.

පරලොක

පු. පරලොව.

පරවම්භන

න. අනුන් පහත් කොට කථා කිරීම.
න. අනුන් හෙළා දැකිම.

පරවාද

පු. අනුන්ගේ මතය.

පරවාදි

3. විරුද්ධ වාද කියන්නා.

පරවිසය

පු. අනුන්ගේ රට.

පරසු

පු. පොරොව.

පරසුවෙ

නි. අනිද්දා.