බුද්ධදත්ත පාලි අකාරාදිය – 430

පරික්ලෙස

පු. කරදරය; කිලුට; බාධාව.

පරිකිණ්ණ

3. ගැවසී ගත්.

පරිකින්තෙති

(පරි+කිත්ත+ණෙ) ගුණ කියයි; වර්ණනා කරයි; ස්තුති කරයි.

පරිකිරති

(පරි+කිර+අ) විසුරුවයි.

පරිකිරිත්වා

පූ.ක්‍රි. විසුරුවා; විහිදාගෙන.

පරිකිරිය

පූ.ක්‍රි. විසුරුවා; විහිදාගෙන.

පරිකිලන්ත

3. ඉතා වෙහෙසුණු.

පරිකිලමති

(පරි+කිලමු+අ) ක්ලාන්ත වේ; වෙහෙසේ.

පරිකිලිට්ඨ

3. ඉතා කිලිටි වූ.

පරිකිලිලින්ත

3. ඉතා කිලිටි වූ.

පරිකිලිස්සති

(පරි+කිලස+ය) කිලිටි වේ.

පරිකිලිස්සන

න. කිලිටිවීම.

පරිකුප්පති

(පරි+කුප+ය) ඉතා කිපේ.

පරිකුපිත

3. කලබල වූ; කිපුණු.

පරිකොපෙති

(පරි+කුප+ණෙ) ඉතා කෝප කරවයි; වෙනස් කරවයි.

පරිඛණති

(පරි+ඛණ+අ) හාත්පසින් හාරයි.

පරිඛා

ඉ. අගල; දිය අගල.

පරිගණ්හන

න. පරීක්ෂා කිරීම; විමසීම.

පරිගණ්හාති

(පරි+ගහ+ණ්හා) පරීක්ෂා කරයි; හාත්පසින් ගනී.

පරිගණ්හිත්වා

පූ.ක්‍රි. පරීක්ෂා කොට.

පරිගණ්හිතුං

නි. පරීක්ෂා කරන්නට.

පරිග්ගහ

පු. අයිති දෙය; අයිතිය; අල්වා ගැන්ම; ලබා ගැන්ම; විමසීම.

පරිග්ගහිත

3. අයිති කොට ගත්; අල්වාගත්; විමසූ.