බුද්ධදත්ත පාලි අකාරාදිය – 431

පරිගිලති

(පරි+ගිල+අ) ගිලියි.

පරිගිලන්ත

3. ගිලින; ගිලිමින්.

පරිගූහති

(පරි+ගූහ+අ) වසයි; සඟවයි.

පරිගූහනා

ඉ. සැඟවීම.

පරිගූහිත

3. සැඟ වූ.

පරිගූහිත්වා

පූ.ක්‍රි. සඟවා.

පරිචය

පු. පුරුද්ද; හැඳිනීම.

පරිචරණ

න. සේවය කිරීම; හැසිරීම.

පරිචරති

(පරි+චර+අ) පුදයි; සේවය කෙරේ; හැසිරේ.

පරිචරිත්වා

පූ.ක්‍රි. සේවය කොට.

පරිච්ච

පූ.ක්‍රි. දැනගෙන; වෙන්කොට.

පරිච්චජති

(පරි+ච්ජ+අ) පරිත්‍යාග කෙරේ; හැර දමයි.

පරිච්චජන

න. පරිත්‍යාග කිරීම; හැරදැමීම.

පරිච්චජිත්වා

පූ.ක්‍රි. පරිත්‍යාග කොට; හැරදමා.

පරිච්චජිතුං

නි. හැර දමන්නට.

පරිච්චජිය

පූ.ක්‍රි. පරිත්‍යාග කොට; හැර දමා.

පරිච්චත්ත

3. පරිත්‍යාග කළ; හැර දැමූ.

පරිච්චාග

පු. පරිත්‍යාගය; හැරදැමීම.

පරිච්ඡද

පු. වැස්ම; වැසීමට ගන්නා වස්ත්‍රාදිය.

පරිච්ඡන්න

3. හාත්පසින් වසන ලද.

පරිච්ඡාදනා

ඉ. හාත්පසින් වැසීම.

පරිච්ඡින්දති

(පරි+ඡිද+ංඅ) පිරිසිඳියි; වෙන් කරයි; සීමා කරයි.

පරිච්ඡින්දන

න. පිරිසිඳීම; වෙන් කිරීම; සීමා කොට.

පරිච්ඡින්දිත්වා

පූ.ක්‍රි. පිරිසිඳ; වෙන්කොට.