බුද්ධදත්ත පාලි අකාරාදිය – 439
පරිමාණ
(සමාසයේ දී ප්රමාණ ඇති.
න. ප්රමාණය.
පරිමිත
3. ප්රමාණ කළ; මණින ලද.
පරිමුඛං
.ක්රි .වි මූණ ඉදිරියෙහි.
පරිමුච්චති
(පරි+මුච+ය) නිදහස් වේ; මිදේ.
පරිමුච්චන
නි. නිදහස් වීම.
පරිමුත්ත
3. නිදහස් වූ; මිදුණු.
පරිමුත්ති
ඉ. නිදහස; මිදීම.
පරිමොචිය
පූ.ක්රි. නිදහස් කොට.
පරිමොචෙත්වා
පූ.ක්රි. නිදහස් කොට.
පරිමොචෙති
(පරි+මුච+ණෙ) නිදහස් කරයි; මුදයි.
පරියත්ති
ඉ. උගත යුතු ධර්ම කොට්ඨාසය; දක්ෂභාවය.
පරියත්තිධර
3. ධර්මය දරන්නා.
පරියත්තිසාසන
න. දහම් පොත් වල පෙනෙන බුද්ධානුශාසනය.
පරියන්ත
(සමාසයේ දී අවසන් කොට ඇති; පු. අග; කෙළවර.
පරියන්තක
3. අවසන් කළ; සීමා කළ.
පරියන්තික
3. කෙළවර කොට ඇති.
පරියාති
(පරි+යා+අ) හාත්පස යයි.
පරියාදාති
(පරි+ආ+දා+අ) සම්පූර්ණයෙන් ගනී.
පරියාදාන
න. ඉතිරි නොකොට ගැන්ම; විනාශ කිරීම.
පරියාදාය
පූ.ක්රි. මැඩගෙන; හාත්පසින් ගෙන.
පරියාදින්න
3. මඬින ලද; හාත්පසින් ගත්.
පරියාදියති
(පරි+ආ+දා+ඉ+ය) මඬිනු ලැබේ; හාත් පසින් ගනු ලැබේ.
පරියාදියිත්වා
පූ.ක්රි. මැඩගෙන; හාත්පසින් ගෙන.
පරියාපන්න
3. අන්තර්ගත; ඇතුළත්.