බුද්ධදත්ත පාලි අකාරාදිය – 448

පවස්සන

න. වැසි වැසීම.

පවාත

න. හුළඟ ඇති තැන.

පවාති

(ප+වා+අ) පැතිරේ; හමයි.

පවාදක

3. ප්‍රකාශ කරන; විවාද කරන.

පවායති

(ප+වා+ය) පැතිරේ; හමයි.

පවායන්ත

3. හමන; හමමින්.

පවායිත්වා

පූ.ක්‍රි. හමා.

පවායිතුං

නි. හමන්නට.

පවාරණා

ඉ. පැවරීම; බාර කිරීම; වස් අවසන් කිරීම.

පවාරිත

3. අවසන් කළ; පැවැරූ; බාරකළ.

පවාරෙත්වා

පූ.ක්‍රි. අවසන් කොට; පවරා.

පවාරෙති

(ප+වර+ණෙ) අවසන් කරයි; පවරයි; බාරකරයි.

පවාරෙතුං

නි. අවසන් කරන්නට; පවරන්නට; බාරකරන්නට.

පවාස

පු. සිය පෙදෙසෙන් වෙන්වී විසීම.

පවාසී

3. සිය දෙසින් පිටව වසන්නා.

පවාහ

පු. නොසිඳී ගලා බැස්ම; ප්‍රවාහය.

පවාහක

3. උසුළන; ගෙනයන; ගෙනැවිත් දෙන.

පවාහිත

3. එළ වූ; ගලා බැස්වූ; ගෙනදුන්.

පවාහෙත්වා

පූ.ක්‍රි. පා කොට; සොදා හැර.

පවාහෙති

(ප+වහ+ණෙ) ගලා බස්වයි; පාකර හරියි; ලබාදෙයි; සෝදා හරියි.

පවාහෙතුං

නි. පාකරවන්ට; සොදා හරින්නට.

පවාළ

පු. න. පබළු; මූදේ හට ගන්නා රතු ගල් වර්ගයක්; කුඩා දළුව.

පවාළ්හ

3. නෙරපන ලද.

පවිචිත්ත

3. අතිශයෙන් විවේකයට පත්.