බුද්ධදත්ත පාලි අකාරාදිය – 46

අනුස්සරති

(අනු+සර+අ) සිහි කෙරේ.

අනුස්සරන්ත

3. සිහි කරන; සිහි කරමින්.

අනුස්සරමාන

3. සිහි කරන; සිහි කරමින්.

අනුස්සරිත

3. සිහි කළ.
න. සිහි කළ දෙය.

අනුස්සරිත්වා

පූ.ක්‍රි. සිහි කොට.

අනුස්සරිතු

පු. සිහි කරන්නා.

අනුස්සරිතුං

නි. සිහි කරන්ට.

අනුස්සරිය

පූ.ක්‍රි. සිහි කොට.

අනුස්සව

පු. පරම්පරාගත කථාව.

අනුස්සුක

3. උත්සාහ නැති.

අනුස්සුත

3. අසන ලද.

අනුසායික

නිධාන ගතව පවත්නා.

අනුසාර

පු. අනුවයාම; ආකාරය.

අනුසාරී

3. අනුව යන්නා; පිළිපදින්නා.

අනුසාවක

පු. අස්වසන්නා; ප්‍රකාශ කරන්නා.

අනුසාවන

න. ඇස්වීම; ප්‍රකාශය.

අනුසාවෙත්වා

පූ.ක්‍රි. අස්වා; දැනුම් දී.

අනුසාවෙති

(අනු+සු+ණෙ) අස්වයි; පකාශ කරයි.

අනුසාවෙතුං

නි. දැනුම් දෙන්නට; ප්‍රකාශ කරන්නට.

අනුසාවෙන්ත

3. අස්වන; දැනුම් දෙමින්.

අනුසාසක

3. අනුශාසනා කරන්නා.

අනුසාසති

(අනු+සාස+අ) අවවාද දෙයි.

අනුසාසන

න. අවවාද කිරීම.

අනුසාසන්ත

3. අවවාද කරන.