බුද්ධදත්ත පාලි අකාරාදිය – 586
ලොචන
න. ඇස; බැලීම.
ලොණ
න. ලුණු.
ලොණකාර
3. ලුණු සාදන්නා.
ලොණධූපන
න. ලුණුදමා රසවත් කිරීම.
ලොණඵල
න. ලුණුපුපුර.
ලොණසක්ඛරා
ඉ. ලුණු කැටය.
ඉ. ලුණු පුපුරා.
ලොණි
ඉ. කලපුව.
ලොප
පු. මැකීම; විනාශය.
ලොභ
පු. ආශාව; තෘෂ්ණාව; ලෝභය.
ලොභන
න. ලෝභ කිරීම.
ලොභනීය
3. ආශා උපදවන; ආශාකළ යුතු.
ලොභමූලක
3. ලෝභය මුල්කොට ඇති.
ලොම
න. මයිල් ගස; ලොම් ගස.
ලොමක
3. ස. ලොම් ඇති.
ලොමකූප
පු. ලොම් ගස පිහිටි වළ.
ලොමස
3. ලොම් බහුල කොට ඇති.
ලොමසපාණක
පු. දළබුවා.
ලොමහංස
පු. ලොම් කෙළින් සිටීම; ලොමුදැහැගැන්ම.
ලොමහංසන
න. ලොම් කෙළින් සිටීම; ලොමු දැහැගැන්ම.
ලොමහට්ඨ
3. ලොම් කෙළින් සිටි; ලොමුදැහැගත්.
ලොල
3. බලවත් ආශා ඇති; ලොල් වූ.
ලොලතා
ඉ. ඉතා ඇලුණු බව; ලොල් බව.
ලොලුප
3. ආශා බහුල වූ.
ලොලුප්ප
න. ආශා බහුල බව; ලොල් බව.