බුද්ධදත්ත පාලි අකාරාදිය – 587

ලොලෙති

(ලුල+ණෙ) කලඹයි; සොලවයි.

ලොහ

න. ලෝහ වර්ගය.

ලොහකටාහ

පු. තාච්චිය; ලෝහයෙන් තැනූ කටාරම.

ලොහකාර

පු. ලෝකුරුවා; ලෝහ වැඩ කරන්නා.

ලොහකුම්භි

ඉ. ලෝහමය සැළිය.

ලොහගුළ

පු. ලොහො ගුළිය.
පු. ලෝහ පිඬ.

ලොහජාල

න. ලොහොදැල.

ලොහථාලක

පු. ලොහො තලිය.

ලොහපාසාද

පු. ලොහො උළින් සෙවිලි කළ මහා ප්‍රාසාදය.

ලොහභණ්ඩ

න. ලෝහයෙන් තැනූ බඩු.

ලොහමය

3. ලෝහයෙන් තැනූ.

ලොහමාසක

පු. තඹකාසිය.

ලොහසලාක

ඉ. තඹකූර.

ලොහිත

පු. රතු පැහැය.
3. රතු පැහැති; ලේ පැහැති.
න. ලේ.

ලොහිතක

3. රතු පැහැති.

ලොහිතක්ඛ

3. රතු ඇස් ඇති.

ලොහිතඞ්ක

පු. පද්මරාගය; රතු මැණික.

ලොහිතචන්දන

න. රත් සඳුන්.

ලොහිතපක්ඛන්දිකා

ඉ. ලේ අතීසාරය.

ලොහිතභක්ඛ

3. ලේ අනුභව කරන.

ලොහිතුප්පාදක

3. බුදු සිරුරෙන් ලේ නික්ම වන්නා.

ව

ඉව - එව යන නිපාතයන්ගේ මුලකුරු මැකී ව කාරය පමණක් බොහෝ තැන දක්නා ලැබේ. වා නිපාතය හ්‍රස්ව වීමෙන් ද ඇතැම් තැනක ව කාරය පෙනේ.

වංස

පු. උණගස; කුලය; පරම්පරාව.

වංසකලිර

පු. උණකිළිය; උණගොබය.