බුද්ධදත්ත පාලි අකාරාදිය – 658

වීහි

පු. වී; වී ඇටය.

වුච්චති

(වච+ය) කියනු ලැබේ.

වුට්ඨ

3. වර්ෂා කළ; වැස්සෙන් තෙමුණු.

වුට්ඨහති

(උ+ඨා+අ) නැගිටියි; නැගී සිටියි; පිබිදේ.

වුට්ඨාති

(උ+ඨා+අ) නැගිටියි; නැගී සිටියි; පිබිදේ.

වුට්ඨාන

න. නැගිටීම; නැගී සිටීම (ධ්‍යාන ආදියකින්).

වුට්ඨාපෙති

(උ+ඨා+ණාපෙ) උපසම්පදා කරවයි; නැගිට්ඨවයි; පුබුදුවයි.

වුට්ඨි

ඉ. වැස්ස.

වුට්ඨික

3. වැසි ඇති.

වුට්ඨිත

3. නැගිටි; නැගී සිටි; පිබිදුණු.

වුඩ්ඪ

3. මහලු; වැඩි මහලු.

වුඩ්ඪක

3. මහල්ලා.

වුඩ්ඪි

ඉ. අභිවෘද්ධිය; වැඩීම.

වුත්ත

න. කී දෙය; වැපුරූ දෙය.
3. කියන ලද; කී; බූ ගා දැමූ; වැපුරූ.

වුත්තප්පකාර

3. කී ආකාර ඇති.

වුත්තවාදී

3. කී දෙය නො වෙනස් කොට කියන්නා.

වුත්තසිර

3. බූ ගෑ හිසැති.

වුත්ති

3. පවතින්නා; පැවතුම් ඇත්තා; ඉ. ජීවිකාව; දිවි පැවැත්ම; පැවැත්ම.

වුත්තික

3. ජීවිකා ඇති; පැවතුම් ඇති.

වුත්තිතා

ඉ. පැවතුම් ඇති බව.

වුත්ථ

3. කල් ගත කළ; විසූ.

වුත්ථවස්ස

3. වර්ෂා කාලය ගත කළ; වස් විසූ; විසූ වස් ඇති.

වුද්ධ

3. මහලු; වැඩි මහලු.

වුද්ධතර

3. වඩා මහලු; වඩා වයස් ගත වූ.