බුද්ධදත්ත පාලි අකාරාදිය – 687

සඤ්චිනාති

(සං+චි+නා) රැස් කරයි.

සඤ්චිනිත්වා

පූ.ක්‍රි. රැස් කොට.

සඤ්චිනිතුං

නි. රැස් කරන්ට.

සඤ්චුණ්ණ

3. කුඩු කළ; චූර්ණ කළ; පොඩි කළ.

සඤ්චුණ්ණෙත්වා

පූ.ක්‍රි. කුඩු කොට; චූර්ණ කොට.

සඤ්චුණ්ණෙති

(සං+චුණ්ණ+ණෙ) කුඩු කරයි; පොඩි කර දමයි.

සඤ්චෙතනා

ඉ. සිතිවිල්ල.

සඤ්චෙතනික

3. දැනීම ඇතිව කළ; දැනීම සහිත.

සඤ්චෙතෙති

(සං+චිති+ණෙ) සිතයි; සිතා බලයි.

සඤ්චොදිත

3. උත්සාහවත් කරනු ලැබූ; දොස් නගනු ලැබූ.

සඤ්චොපන

න. තිබුණු තැනින් සෙලවීම හෝ ඉවත් කිරීම.

සඤ්ඡන්න

3. ගැවසී ගත්; වැසී ගිය.

සඤ්ඡාදිත

3. මනාසේ වැසූ; සෙවිලි කළ.

සඤ්ඡාදෙත්වා

පූ.ක්‍රි. වසා.

සඤ්ඡාදෙති

(සං+ඡද+ණෙ) වසයි; සෙවිල් කරයි.

සඤ්ඡින්දති

(සං+ඡිද+ංඅ) කපයි; විනාශ කරයි; සිඳියි.

සඤ්ඡින්න

3. කපා දැමූ; නැවැත් වූ; වැළැක් වූ.

සඤ්ජග්ඝති

(සං+ජග්ඝ+අ) කවටකම් කෙරේ; සිනාසේ.

සඤ්ජග්ඝන

න. සිනාසීම.

සඤ්ජනන

න. ඉපද වීම.

සඤ්ජනනී

ඉ. උපදවන්නී.

සඤ්ජනෙත්වා

පූ.ක්‍රි. උපදාව.

සඤ්ජනෙති

(සං+ජන+ණෙ) උපදවයි; හටගන්වයි.

සඤ්ජනෙතු

පු. උපදවන්නා.