බුද්ධදත්ත පාලි අකාරාදිය – 686
සජාතික
3. තමාගේ වර්ගයට අයත්; ස්ව ජාතික.
සජීව
3. ජීව සහිත වූ; පණ ඇති.
සජොතිභූත
3. දැල්වෙන.
සඤ්චය
පු. රාශිය; රැස් කිරීම.
සඤ්චයන්ත
3. රැස් කරන; රැස් කරමින්.
සඤ්චරණ
න. හැසිරීම.
සඤ්චරති
(සං+චර+අ) එහා මෙහා යයි; හැසිරේ.
සඤ්චරන්ත
3. හැසිරෙන; හැසිරෙමින්.
සඤ්චරිත
3. හැසුරුණු.
සඤ්චරිතබ්බ
3. හැසිරිය යුතු.
සඤ්චරිත්ත
න. දෙදෙනෙකු අතරේ පණිවුඩ ගෙනයාම.
සඤ්චරිත්වා
පූ.ක්රි. හැසිර.
සඤ්චරිතුං
නි. හැසිරෙන්ට.
සඤ්චලති
(සං+චල+අ) කම්පා වේ; සෙල වේ.
සඤ්චලන
න. කම්පා වීම; හෙල්ලීම.
සඤ්චලන්ත
3. සෙලවෙන; සෙලවෙමින්.
සඤ්චලිත
3. සෙලවුණු.
සඤ්චලිත්වා. පූ.ක්රි
සෙල වී.
සඤ්චාර
පු. ඇවිදීම; හැසිරීම.
සඤ්චාරණ
න. හැසිරවීම.
සඤ්චාරෙති
(සං+චර+ණෙ) ගමන් කරවයි; හසුරුවයි.
සඤ්චිච්ච
පූ.ක්රි. දැනගෙන; දැනීම ඇතිව.
සඤ්චිත
3. රැස් කළ.
සඤ්චිනන
න. රැස් කිරීම.