බුද්ධදත්ත පාලි අකාරාදිය – 707

සමථ

පු. තැන්පත් වීම; සංසිඳීම; සිත එකඟ කිරීම.

සමථභාවනා

ඉ. සිත තැන්පත් කරවන භාවනාව.

සමධිගච්ඡති

(සං+අධි+ගමු+අ) අවබෝධ කෙරේ; ලබාගනී.

සමනක

3. සිත් ඇති.

සමනන්තර

3. සමීපයෙහි වූ; ළඟම තිබෙන.

සමනන්තරා

ක්‍රි.වි. ඊට අනතුරුව.

සමනමාලා

ඉ. සමන් මල් දම.

සමන්ත

3. සියලු.

සමන්තචක්ඛු

පු. බුදුරද; සර්වඥ; සියල්ල දකින්නා.

සමන්තතො

නි. හාත්පසින්.

සමන්තපාසාදික

3. හැම ආකාරයෙන්ම සතුට ගෙන දෙන.

සමන්තභද්දක

3. සියලු ආකාරයෙන් යහපත් වූ.

සමන්තා

නි. හාත්පසින්.

සමන්නාගත

3. යුක්ත වූ.

සමන්නාගතත්ත

න. යුක්ත බව.

සමන්නාහරති

(සං+අනු+ආ+හර+අ) එක්තැන් කරයි; සිත එක් අරමුණක පිහිටුවයි.

සමනුගාහති

(සං+අනු+ගාහ+අ) ප්‍රශ්න කරයි; විමසයි.

සමනුඤ්ඤ

3. එකඟ වූ.

සමනුඤ්ඤාත

3. අනුදත්; අවසර දුන්.

සමනුපස්සති

(සං+අනු+දිස+අ) මනාසේ දකී; විමසා බලයි.

සමනුපස්සන්ත

3. දකිමින්; බලන; බලමින්.

සමනුපස්සනා

ඉ. සලකා බැලීම.

සමනුපස්සමාන

3. දකිමින්; බලන; බලමින්.

සමනුපස්සිතුං

නි. මනාසේ බලන්ට.