බුද්ධදත්ත පාලි අකාරාදිය – 706

සමචිත්තතා

ඉ. සමාන සිතැති බව.

සමජ්ජ

න. උත්සව සහිත රැස්වීම; කානිවල් වැනි දෙය; නාට්‍යය.

සමජ්ජට්ඨාන

න. උත්සව භූමිය.

සමජ්ජාභිචරණ

න. ප්‍රීත්‍යුත්සවයන්හි හැසිරීම.

සමජ්ඣගා

(සං+අධි+අගා) අවබෝධ කළේය.

සමජාතික

3. එක් කුලයකට අයත්; සමාන කුල ඇති.

සමඤ්ඤා

ඉ. නම; නාමය; ව්‍යවහාරය.

සමඤ්ඤාත

3. දන්නා ලද; දැනගත්; ප්‍රකට.

සමණ

පු. පැවිද්දා; ශ්‍රමණයා.

සමණකුත්තක

පු. ශ්‍රමණයෙකු සේ (වංචාවෙන්) පෙනී සිටින්නා.

සමණධම්ම

පු. පැවිද්දාගේ පිළිපැදීම; මහණදම.

සමණී

ඉ. පැවිදි වූ ස්ත්‍රිය.

සමණුද්දෙස

පු. සාමණේර තැන.

සමත්ත

3. අවසන් කළ; පිරූ; පුරන ලද; සියලු.
න. සමබව.

සමත්ථ

3. දක්ෂ වූ; සමර්ථ වූ; හැකි.

සමතා

ඉ. අඩු වැඩි නැති බව; සමබව.

සමතික්කන්ත

3. ඉක්ම වූ; ඉකුත් කළ.

සමතික්කම

පු. ඉක්ම වීම.

සමතික්කමති

(සං+අති+කමු+අ) ඉක්මවයි; ඉකුත් කෙරේ.

සමතික්කම්ම

පූ.ක්‍රි. ඉකුත්කොට.

සමතික්කමිත්වා

පූ.ක්‍රි. ඉකුත්කොට.

සමතිත්තික

3. ගැට්ට තරමට උස්ව පිරුණු.

සමතිවත්තති

(සං+අති+වතු+අ) ඉකුත්‍ කෙරේ.

සමතිවිජ්ඣති

(සං+අති+විධ+ය) විදගෙන යේ; විදී.