බුද්ධදත්ත පාලි අකාරාදිය – 705
සභග්ගත
3. සභාවට පැමිණි.
සභා
ඉ. රැස්වීම; සභාව.
සභාග
3. විරුද්ධ නොවූ; සමාන පැවතුම් ඇති.
සභාගට්ඨාන
න. අවිරුද්ධ තැන; තමාට ගැළපෙන තැන.
සභාගවුත්තී
3. අවිරුද්ධ පැවතුම් ඇත්තා; ගැළපෙන ස්වභාව ඇත්තා.
සභාව
පු. චරිතය; තත්වය; සත්යය; ස්වභාවය.
සභාවක
3. ස්ත්රිභාවය හෝ පුරුෂ භාවය ඇති.
සභාවධම්ම
පු. ස්වභාව ධර්මය; සිදුවන දෙය.
සභොජන
(ස+උභො+ජන) ස්ත්රී පුරුෂ දෙදෙනා ඇති.
සම
3. අඩු වැඩි නොවූ; පක්ෂපාත නොවූ; මට්ටම් වූ; සමාන වූ; පු. තැන්පත් වීම; සංසිඳීම.
සමං
ක්රි.වි. සමසේ.
සමංගී
3. යුක්ත පුද්ගලයා.
සමංගීභූත
3. යුක්ත වූ.
සමක
3. එක් ආකාර ඇති; සමාන වූ.
සමග්ග
3. සමගි වූ.
සමග්ගකරණ
න. සමගි කිරීම.
සමග්ගත්ත
න. සමගි බව.
සමග්ගරත
3. සමගියෙහි ඇලුණු.
සමග්ගාරාම
3. සමගියෙහි ඇලුණු.
සමඞ්ගිතා
ඉ. යුක්ත බව.
සමචරියා
ඉ. සන්සුන් ධාර්මික පැවැත්ම.
සමචාග
3. සමානසේ පරිත්යාග ශීලී වූ.
සමචාරී
3. ධාර්මික පැවතුම් ඇත්තා.
සමචිත්ත
3. සමාන සිතැති.