බුද්ධදත්ත පාලි අකාරාදිය – 709
සමවාය
පු. එක්තැන් වීම; රැස්වීම; සමූහය.
සමවෙක්ඛති
(සං+අව+ඉක්ඛ+අ) විමසා බලයි.
සමවෙක්ඛන්ත
3. බලාපොරොත්තු වෙන; විමසා බලන.
සමවෙක්ඛිතු
පු. විමසා බලන්නා.
සමවෙක්ඛී
3. විමසා බලන්නා.
සමවෙපාකිනී
ඉ. සමසේ අහර පැසවන (ගින්න).
සමස්සාසෙති
(සං+ආ+ස්සණෙ) සනසයි.
සමස්සාහ
පු. ආශ්වාසය; සැනසීම.
සම්පකම්පති
(සං+ප+කම්ප+අ) කම්පා වේ; සෙල වේ.
සම්පජඤ්ඤ
න. විමසන නුවණ.
සම්පජ්ජති
(සං+පද+ය) දියුණු වේ; පැමිණේ; සම්පූර්ණ වේ; සමෘද්ධ වේ; සිදු වේ.
සම්පජ්ජන
න. පැමිණීම; සම්පූර්ණ වීම; සිදු වීම.
සම්පජ්ජලිත
3. ගිනි දැල්වුණු.
සම්පජ්ජිත්වා
පූ.ක්රි. දියුණු වී; සම්පූර්ණ වී; සිදු වී.
සම්පජාන
3. දැනුම ඇති; විමසන නුවණැති; සිහි ඇති.
සම්පජානාති
(සං+ප+ඤා+නා) මනාසේ දැන ගනී.
සම්පටිච්ඡති
(සං+පති+ඉසු+අ) පිළිගනී; බාරගනී.
සම්පටිච්ඡන්ත
3. පිළිගන්නා; පිළිගනිමින්.
සම්පටිච්ඡිත්වා
පූ.ක්රි. පිළිගෙන.
සම්පටිච්ඡිතුං
නි. පිළිගන්ට.
සම්පත්ත
3. පැමිණ සිටින; පැමිණි.
සම්පත්ති
3. පැමිණීම; සඵලත්වය; සම්පත; සමෘද්ධ වීම.
සම්පති
නි. දැන්.
සම්පතිත
3. වැටුණු.