බුද්ධදත්ත පාලි අකාරාදිය – 710

සම්පදා

ඉ. යුක්ත බව; සම්පත්තිය; සම්පූර්ණත්වය; සමෘද්ධත්වය.

සම්පදාන

න. මනාසේ දීම; සම්ප්‍රදාන විභක්තිය.

සම්පදාළන

න. පළා දැමීම; පිපිරවීම.

සම්පදාළෙත්වා

පූ.ක්‍රි. පළා; විනාශ කොට.

සම්පදාළෙති

(සං+ප+දළ+ණෙ) පළා දමයි; විනාශ කරයි.

සම්පදාළෙන්ත

3. පළන; පළමින්.

සම්පදුස්සති

(සං+ප+දුස+ය) කෝප වේ; දූෂිත වේ.

සම්පදුස්සන

න. කිලිටි වීම; දූෂ්‍ය වීම.

සම්පදුස්සිත්වා

පූ.ක්‍රි. කිලිටි වී; කෝප වී.

සම්පන්න

3. පිරුණු; යුක්ත වූ; රසවත්; සමෘද්ධ වූ.

සම්පයාත

3. ගිය; පැමිණි.

සම්පයාති

(සං+ප+යා) පැමිණේ; සම්ප්‍රාප්ත වේ.

සම්පයුක්ත

3. එක්ව යෙදුණු; යුක්ත වූ.

සම්පයොග

පු. එකට යෙදීම; එක්තැන් වීම.

සම්පයොජෙත්වා

පූ.ක්‍රි. එකට‍ යොදා.

සම්පයොජෙති

(සං+ප+යුජ+ණෙ) එකට ගළපයි; නඩු කියයි; යොදයි.

සම්පයොජෙන්ත

3. එකට යොදන; ගළපන; යොදමින්.

සම්පරාය

පු. පරලොව.

සම්පරායික

3. පරලොවට අයත්.

සම්පරිකඩ්ඪති

(සං+පරි+කඩ්ඪ+අ) එහාට මෙහාට අදියි.

සම්පරිකඩ්ඪන

න. ඈත මෑත ඇදිම.

සම්පරිකිණ්ණ

3. ගැවසීගත්.

සම්පරිවජ්ජන

න. මනාසේ දුරු කිරීම.

සම්පරිවජ්ජෙති

(සං+පරි+වජ+ණෙ) මනසේ දුරු කරයි.