බුද්ධදත්ත පාලි අකාරාදිය – 726

සමිජ්ඣන්ත

3. සඵල වන; සඵල වෙමින්; සමෘද්ධ වන.

සමිජ්ඣිත

3. සඵල වූ; සමෘද්ධ වූ.

සමිජ්ඣිත්වා

පූ.ක්‍රි. සමෘද්ධ වී.

සමිත

3. රැස් වූ; සංසිඳ වූ; සමාන කළ.

සමිතං

ක්‍රි.වි. නිරන්තරයෙන්.

සමිතත්ත

න. සන්හුන් බව.

සමිතාවී

3. කෙලෙසුන් සන්සිඳ වූ පුද්ගලයා.

සමිති

ඉ. රැස්වීම; සභාව.

සමිද්ධ

3. දියුණු වූ; සඵල වූ; සමෘද්ධ වූ.

සමිද්ධි

ඉ. අභිවෘද්ධිය; සම්පූර්ණ වීම.

සමිධා

ඉ. දර.

සමීප

න. සමීප තැන.
3. ළං වූ.

සමීපග

3. ළඟට පැමිණි.

සමීපචාරී

3. ළඟ හැසිරෙන්නා.

සමීපට්ඨ

3. ළඟ පිහිටි; ළඟසිටි.

සමීපට්ඨාන

න. ආසන්න තැන.

සමීපෙ

සමීපයෙහි; ළඟ.

සමීරණ

පු. වාතය; සුළඟ.

සමීරති

(සං+ඊර+අ) කම්පා වේ; සෙල වේ.

සමීරිත

3. කම්පිත; කියන ලද; සෙලවුණු.

සමීහති

(සං+ඊහ+අ) උත්සාහ කරයි; වීර්ය කරයි.

සමීහන

න. උත්සාහය; වීර්ය කිරීම.

සමුක්කංසෙති

(සං+උ+කස+ණෙ) උසස් කරයි; වර්ණනා කරයි.

සමුග්ග

පු. කරඬුව; කුඩා පෙට්ටිය.