බුද්ධදත්ත පාලි අකාරාදිය – 739
සසත්ථ
3. ආවුධ සහිත.
සසති
(සස+අ) ජීවත් වේ; හුස්ම ඉහළ පහළ ගනී; (සසු+අ) හිංසා කෙරේ.
සසම්භාර
3. පිරිවර දේවල් සහිත.
සසලක්ඛණ
න. හාවාගේ සටහන (හඳේ).
සසලඤ්ඡන
න. හාවාගේ සටහන (හඳේ).
සසවිසාණ
න. හා අඟ.
සස්ස
න. ධාන්යය.
සස්සකම්ම
න. ගොවිකම.
සස්සකාල
පු. ගොයම් කපන කාලය.
සස්සත
3. හැම කල්හි පවත්නා.
සස්සතදිට්ඨී
ඉ. ආත්මය සදාකාලිකය යන ඇදහීම.
සස්සතවාද
පු. ආත්මය සදාකාලිකය යන ඇදහීම.
සස්සතවාදී
3. ආත්මය නොනැසී පවත්නේයයි කියන්නා.
සස්සති
ඉ. සදාකාලය.
සස්සතික
3. සාශ්වත දෘෂ්ටි ඇත්තා.
සස්සමණබ්රාහ්මණ
3. ශ්රමණ බ්රාහ්මණයන් ඇතුළත්; හැම ආගමකම ගුරුවරුන් ඇතුළත්.
සස්සාමික
3. අයිතිකාරයෙකු ඇති; ස්වාමිපුරෂයෙකු ඇති.
සස්සිරීක
3. උසස් පෙනුම ඇති; භාග්යවත්; ශ්රීමත්.
සස්සු
ඉ. නැන්දම්මා; පුරුෂයාගේ හෝ ස්ත්රියගේ මව.
සසී
පු. චන්ද්රයා; සස ලප ඇත්තා.
සසීසං
ක්රි.වි. හිස සමඟ; හිස සහිත කොට.
සසුර
පු. භාර්යාවගේ පියා; ස්වාමිපුරුෂයාගේ පියා.
සසෙන
3. සේනා සහිත වූ.
සසෙනක
3. සේනා සහිත වූ.