බුද්ධදත්ත පාලි අකාරාදිය – 738
සලාටු
3. නොපැසුණු; නොමේරූ.
සලාටුක
3. නොපැසුණු; නොමේරූ.
සලාභ
පු. තමාගේ ලාභය; ලාභ සහිත.
සලිල
න. ජලය.
සලිලධාරා
ඉ. ජල ධාරාව; ජල ප්රවාහය; දියපහර.
සලුච්චය
පු. පර්වතය.
සවඞ්ක
3. ඇද කුද නැති; වක් සහිත.
සවණ
න. ඇසීම; කන.
සවණීය
3. ඇසිය යුතු; කණට මිහිරි.
සවති
(සු+අ) ගලාබසී.
සවන
න. ගලා බැසීම.
සවන්ත
3. ගලා බසින.
සවන්තී
ඉ. ගඟ.
සවසවත්තී
3. තමාගේ වසඟයෙහි පවතින්නා.
සව්යඤ්ජන
න. මනා අකුරු ඇති; සූප ව්යඤ්ජන සහිත.
සවිඝාත
3. කරදර පමුණුවන.
සවිඤ්ඤාණක
3. පණ ඇති; සිත් ඇති.
සවිතක්ක
3. විතර්ක සහිත වූ.
සවිභත්තික
3. බෙදීම් සහිත.
සවෙර
3. ක්රෝද සහිත; වෛර සහිත.
සස
පු. හාවා.
සසක
පු. හාවා.
සසක්කං
නි. ඒකාන්තයෙන්.
සසඞ්ක
පු. චන්ද්රයා.