බුද්ධදත්ත පාලි අකාරාදිය – 740

සහ

3. ඉවසන; උසුළන.
නි. එක්ව; සමග.

සහකාර

පු. මී අඹ.

සහගත

3. එකට යෙදුණු; යුක්ත වූ.

සහජ

3. ඉපදීම සමග ආ; සමග හෝ එක්ව උපන්.

සහජාත

3. ඉපදීම සමග ආ; සමග හෝ එක්ව උපන්.

සහජීවී

3. එක්ව ජීවත් වන්නා.

සහත්ථ

පු. තමාගේ අත; ස්වහස්තය.

සහති

(සහ+අ) ඉවසයි; උසුළයි; යටත් කරයි; සමර්ථ වේ; හිංසා කරයි.

සහධම්මික

3. එක් ආගමක් අදහන; සමාන ධර්මයක් පිළිපදින.

සහන

න. ඉවසීම; දැරීම.

සහනන්දී

3. එක්ව සතුටු වන්නා.

සහන්ත

3. ඉවසමින්; උසුළන; දරන.

සහභූ

3. එක්ව උපදින; එක්ව හටගන්නා.

සහමාන

3. ඉවසමින්; උසුළන; දරන.

සහයොග

පු. එක්ව ක්‍රියා කිරීම; සහ නිපාතය යෙදීම.

සහව්‍ය

න. මිත්‍ර බව; සමාගමය; සහාය බව.

සහව්‍යතා

ඉ. මිත්‍ර බව; සමාගමය; සහාය බව.

සහවාස

පු. එක්ව විසීම.

සහස්ස

න. දහස.

සහස්සක්ඛ

පු. දහසක් ඇස් ඇති; ශක්‍රයා.

සහස්සක්ඛත්තුං

ක්‍රි.වි. දහස් වරක්.

සහස්සග්ඝනක

3. මිල දහසක් වටිනා.

සහස්සත්ථවිකා

ඉ. රන් මිල දහසක් බැඳි පියල්ල.

සහස්සධා

නි. දහස් ආකාරයකින්.