බුද්ධදත්ත පාලි අකාරාදිය – 770

සුවණ්ණහංස

පු. රන් පැහැත් හංසයා.

සුවත්ථි

(සු+අත්ථි) යහපත; යහපතක් වේවා.

සුවම්මිත

3. මන‍ාසේ සන්නද්ධ කළ.

සුවවත්ථාපිත

3. මනාසේ වෙන් කළ; හොඳින් සිත තබාගත්.

සුවාණ

පු. බල්ලා.

සුවාණදොණි

ඉ. බල්ලන්ට කෑම දෙන ඔරුව.

සුවිජාන

3. පහසුවෙන් දැනගත හැකි.

සුවිඤ්ඤාපය

3. පහසුවෙන් අවබෝධ කරවිය හැකි.

සුවිභත්ත

3. මනාසේ බෙදූ.

සුවිම්භිත

3. අධික විස්මයට පැමිණි.

සුවිලිත්ත

3. මනාසේ විලවුන් ගැල්වූ.

සුවිසද

3. ඉතා ප්‍රකට; ඉතා පැහැදිලි.

සුවුට්ඨික

3. මනා වැසි ඇති.

සුවෙ

නි. හෙට.

සුසඞ්ඛත

3. මනාසේ පිළියෙළ කළ.

සුසඤ්ඤත

3. ඉතා හික්මුණු; මහත් සංයම ඇති.

සුසණ්ඨාන

3. මනා හැඩහුරුකම් ඇති.

සුසමාගත

3. මනාසේ එක්තැන් වූ.

සුසමාරද්ධ

3. බලවත් සේ ආරම්භ කළ.

සුසමාහිත

3. ඉතා තැන්පත් වූ; ඉතා සන්සුන්.

සුසමුච්ඡින්න

3. මනාසේ සිඳ දැමූ; විනාශ කළ.

සුස්සති

(සුස+ය) මැලවේ; වි‍යලේ.

සුස්සන

න. වේලීම.

සුස්සන්ත

3. වේලන; වේලමින්.