බුද්ධදත්ත පාලි අකාරාදිය – 769

සුරියත්ථඞ්ගම

පු. ඉර බැසීම.

සුරියමණ්ඩල

න. ඉරමඩල.

සුරියරංසි

ඉ. අව්ව; හිරු රැස.

සුරියරස්මි

ඉ. අව්ව; හිරු රැස.

සුරියුග්ගමන

න. ඉර උදාවීම; හිරු නැගීම.

සුරුඞ්ගා

ඉ. දඟ ගෙය; සිරගෙය.

සුරුසුරුකාරකං

ක්‍රි.වි. සුරු සුරු ගාමින්.

සුරූප

3. මනා රූ ඇති.

සුරූපිනී

ඉ. මනා රූ ඇත්තී.

සුරූපී

3. මනා රූ ඇති.

සුලද්ධ

න. යහපත් ලැබීම.
3. මනාසේ ලැබූ.

සුලභ

3. පහසුවෙන් ලැබිය හැකි.

සුව

පු. ගිරවා.

සුවච

3. කීකරු; යටහත්.

සුවණ්ණ

න. රන්.
3. මනා පැහැති.

සුවණ්ණකාර

පු. රන් කරුවා.

සුවණ්ණගබ්භ

පු. රන් ගබඩාව.

සුවණ්ණගුහා

ඉ. රනින් කළ ගුහාව.

සුවණ්ණතා

ඉ. මනා පැහැති බව.

සුවණ්ණපට්ට

පු. න. රන් තහඩුව; රන් පට.

සුවණ්ණපීඨක

න. රන් පුටුව.

සුවණ්ණභිඞ්කාර

පු. රන් කෙණ්ඩිය.

සුවණ්ණමය

3. රණින් කළ; රනින් සෑදූ.

සුවණ්ණවණ්ණ

3. රන් පැහැති.