බුද්ධදත්ත පාලි අකාරාදිය – 776
සෙරිවිහාර
පු. තමා කැමති සේ විසීම හෝ හැසිරීම.
සෙරිස්සක
න. (විමාන) මහරිවනයෙහි වූ (භවනය).
සෙරෙය්යක
පු. කටුකරඬු ගස.
සෙල
පු. ගල; ගල් පර්වතය.
සෙලමය
3. ගලින් තැනූ.
සෙලු
පු. ලා ඔලු; ලෝලු.
සෙලෙය්ය
න. ගල්මල.
සෙවක
පු. ආශ්රය කරන්නා; මෙහෙකරුවා; සේවකයා.
සෙවති
(සෙවු+අ) ආශ්රය කෙරේ; මෙහෙ කෙරේ.
සෙවන
න. ආශ්රය කිරීම; පාවිච්චි කිරීම.
සෙවන්ත
3. ආශ්රය කරන; පාවිච්චි කරමින්.
සෙවනා
ඉ. ආශ්රය කිරීම; පාවිච්චි කිරීම.
සෙවමාන
3. ආශ්රය කරන; පාවිච්චි කරමින්.
සෙවා
ඉ. මෙහෙ කිරීම; මෙහෙය.
සෙවාල
පු. දිය පැලෑටි වර්ගයක්; සෙවෙල්.
සෙවිකා
ඉ. මෙහෙකාරිය.
සෙවිත
3. ආශ්රය කළ; ආශ්රිත; පාවිච්චි කළ.
සෙවිතබ්බ
3. ආශ්රය කළ යුතු.
සෙවිත්වා
පූ.ක්රි. ආශ්රය කොට.
සෙවිතුං
නි. ආශ්රය කරන්ට.
සෙවිය
පූ.ක්රි. ආශ්රය කොට.
සෙවී
3. ආශ්රය කරන්නා.
සෙස
3. ඉතිරි වූ; පු. ඉතිරි දෙය.
සෙසෙත්වා
පූ.ක්රි. ඉතිරි කොට.