බුද්ධදත්ත පාලි අකාරාදිය – 781
සොම්ම
3. මෘදු වූ; සෞම්ය වූ.
සොරච්ච
න. කීකරු බව; වචන පිළිගන්නා බව.
සොවග්ගික
3. ස්වර්ගයට පමුණුවන.
සොවචස්සතා
ඉ. කී දෙය පිළිගන්නා ස්වභාවය; සුවච බව.
සොවණ්ණ
න. රන් (රත්).
සොවණ්ණමය
3. රනින් කළ.
සොවණ්ණය
3. රනින් කළ.
සොවත්ථික
න. නයි පෙණයේ S අකුර වැනි ලකුණ; සොවැත්ත.
සොවීරක
න. කාඩි දිය; විනාකිරි වැනි දෙයක්.
සොස
පු. ක්ෂය රෝගය; වියලීම.
සොසන
න. වියලීම.
සොසයමාන
3. වියලවන; වේලවමින්.
සොස්සති
(සුණාති හි අනාගතය) අසන්නේය.
සොසානික
3. සොහොනෙහි වසන.
සොසිත
3. වියලවන ලද.
සොසෙත්වා
පූ.ක්රි. වියලවා.
සොසෙති
(සුස+ණෙ) වියලවයි.
සොසෙතුං
නි. වියලවන්ට.
සොසෙන්ත
3. වියලවන; වේලවමින්.
සොහජ්ජ
න. මිත්ර බව.
හංස
පු. හංසයා.
හංසති
(හංස+අ) කෙළින් සිටී (ලොම්); සතුටු වේ.
හංසන
න. ලොම් දැහැගැන්ම; සතුටු වීම.
හංසපොතක
පු. හංස පැටියා.