සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 132
අයාථාවමාන
පු. විරුද්ධ මානය, වැරදි මානය. (පි. 99)
අයිර
පු. ආර්යයා; ස්වාමියා. (පි. 99)
අයිරකුල
න. අය්යක කුලය, ආර්ය්ය කුලය, උතුම් කුලය. (පි. 99)
අයිරා
ඉ. ආර්ය්යාව, ස්වාමිභාර්ය්යාව, සාමිදුව. (පි. 100)
අයුත්ත
න. අයුතු, යුතු නොවූ, නුසුදුසු. (පි. 100)
අයුත්තසමාස
පු. අයුත්තසමාසය, අයුක්තාර්ථ නාමයන් හා වන සමාසය (පි. 100)
අයොග
පු. නොයෙදීම, අස්ථානයෙහි යෙදීම. (පි. 100)
අයොග්ග
පු. මොහොල (=මෝල). ඊතල ආදිය. (පි. 100)
අයොජ්ඣ
ති. නොපැරදවිය හැකි, (=යටත් නොකට හැකි.) ඉ. සරයු ගංතෙර පිහිටි අයෝධ්යා නම් නුවර. (පි. 100)
අයොනිසො
අ. අනුපාය වශයෙන්, නුනුවණින් යන අර්ථයන්හි. (පි. 100)
අයොමය
ති. යමුවා, යකඩින් කළ. (පි. 100)
අර
√ භු. ගතියං, යාමෙහි, නැසීමෙහි, අරති, යෙයි. නසයි.
න. ශිඝ්රය, රථචක්රයාගේ දත්, (=ගරාදි). (පි. 100)
අරක්ඛිත
ති. නොරක්නා ලද, පරෙස්සම් නොකළ. (පි. 100)
අරක්ඛිය
ති. නොරැකිය හැකි, රක්ෂා නොකට හැකි. (පි. 100)
අරක්ඛෙය්ය
ති. නොරැකිය හැකි. (පි. 100)
අරජ
ති. රජස් රහිත, රජස් නැති, පිරිසිදු. (පි. 100)
අරඤ්ජර
පු. දිය ගන්නා සැළ, දිය වත්කරණ සැළිය. (පි. 100)
අරඤ්ඤ
න. අරණ්යය, වනය, කැළෑව. (පි. 100)
අරඤ්ඤකුටි
ඉ. අරණ්යයෙහි වූ කිළිය, වනයෙහි වූ කුඩා ආවාසය-කුටිය. (පි. 100)
අරඤ්ඤවාස
පු. වනවාසය, අරණ්යයෙහි විසීම. (පි. 100)
අරඤ්ඤවිහාර
පු. අරඤ්ඤවාසය. (පි. 100)
අරඤ්ඤානී
ඉ. මහවනය. (පි. 100)
අරඤ්ඤායතන
න. අරණ්යය, වනය. (පි. 100)
අරණ
ති. (අ=න+රණ), කෙලෙස් රහිත, කිලුටු නැති, පිරිසිදු. (පි. 100)