සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 133
අරණවිහාර
පු. නිකෙලෙස් විහරණ, මෛත්රී විහරණය. (පි. 100)
අරණිපොතක
පු. ගිනි ගානා කුඩා දණ්ඩ. (පි. 100)
අරණිමථන
න. ගිනි ගැනීමට දඬු එකට ගැටීම. (පි. 100)
අරණී
ඉ. ගිනි ගානා දණ්ඩ, ගිනි උපදවන ලීය. (පි. 100)
අරති
ඉ. විරතිය, වෙන්වීම, නොඇලීම, උකටලී වීම, එනම් මාර දුව.
ක්රි. (අර √ භු. ගතියං, යාමෙහි +ති), යෙයි. (පි. 100)
අරවාල
පු. අරවා විලෙහි වැසි නා රජෙකි, කාශ්මීර් ගන්ධාර දෙරටෙහි ගොයම් පැසෙන කාලයේදී ඒවා විනාශ කළේ මේ නාරජුයි. මජ්ඣන්තික තෙරුන්වහන්සේ මූ දමනය කළ සේක. (පි. 100)
අරවාලදහ
පු. එනම් විල. (පි. 100)
අරවින්ද
න. පද්මය, පියුම. (පි. 100)
අරහ
√ භු. පූජයං, පිදීමෙහි, අරහති, පුදයි, සුදුසු වෙයි.
ති. සුදුසු, යහපත්, රහත්.
√ චු. පූජායං, පිදීමෙහි, අරහෙති, අරහයති, පුදයි. (පි. 100)
අරහත්ත
න. රහත්බව, රහත්ඵලය. (පි. 100)
අරහත්තප්පත්ති
ඉ. රහත් බවට පැමිණීම. (පි. 100)
අරහත්තඵල
න. රහත් ඵලය. (පි. 100)
අරහත්තමග්ග
පු. රහත්මග. (පි. 100)
අරහත්තවිමොක්ඛ
පු. අර්හත් ඵලය. (පි. 100)
අරහති
ක්රි. (අරහ √ භු. පූජායං, පිදීමෙහි +ති), පුදයි, සුදුසුයි. (පි. 100)
අරහයති
ක්රි. (අරහ √ චු. පූජායං, පිදීමෙහි +ණය+ති), පුදයි. (පි. 100)
අරහිත
ති. පුදන ලද, යාග කරන ලද. (පි. 100)
අරාති
පු. සතුරා, විරුද්ධකාරයා. (පි. 100)
අරාල
පු. දුම්මල, යක්ෂධූම, සල්රුක, මතැතා. ති. අක්බඹුරු, වක් වූ. (පි. 100)
අරි
පු. සතුරා, (=හතුරා), විරෝධකාරය (පි. 100)
අරිඤ්චන
ති. නොහරිණ ලද, බැහැර නොකළ, පසු නොබසින. (පි. 100)
අරිඤ්චමාන
ති. පහ නොකරන, බැහැර නොකරන. (පි. 100)
අරිට්ඨ
න. මරණ ලකුණ, හෙලලුහුනු, පු. කොහොඹ, රුක් පෙනෙල, (බොන) අරිෂ්ට, එනම් පසේ බුදුන්, මත්පැන්, ති. අරිටු, නොනැසෙන සුලු. (පි. 101)
අරිට්ඨ(ක)
පු. සුරා, කවුඩා, බකමුණා, කොසඹගස, රුක්පෙනෙල. (පි. 101)