සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 134

අරිත්ත

ති. නොසිස්, අතුච්ඡ, න. රිට. (පි. 101)

අරිත්තජ්ඣාන

න. නොසිස් ධ්‍යානය, ති. ධ්‍යාන සහිත. (පි. 101)

අරින්දම

පු. සතුරන් මඩින තැනැත්තා, එනම් රජ. (පි. 101)

අරිය

පු. ආර්‍ය්‍යයා, බ්‍රාහ්මණයා, බුදුරජ, රහත්හු, සෝතාපන්නාදී ආර්‍ය්‍යපුද්ගලයෝ, ති. පරම විශුද්ධ, උපක්ලේශ රහිත. (පි. 101)

අරියඋපොසථ

පු. ආර්‍ය්‍යයන්ගේ උපෝසථය. (පි. 101)

අරියචිත්ත

න. ආර්‍ය්‍යචිත්තය, මාර්‍ගඵලසම්ප්‍රයුක්ත චිත්තය. (පි. 101)

අරියඤ්ජස

පු. ආර්‍ය්‍යමාර්‍ගය, ඒකායනමාර්‍ගය. (පි. 101)

අරියතන්ති

ඉ. ආර්‍ය්‍යප්‍රවෙණිය, ආර්‍ය්‍යවංශය, බුද්ධවංශය. (පි. 101)

අරියධන

න. ආර්‍ය්‍යධනය, සද්ධා සීල හිරි ඔත්තප්ප සුත චාග පඤ්ඤා යන උතුම් ධර්‍ම සත. (පි. 101)

අරියධම්ම

පු. ආර්‍ය්‍යධර්‍මය, බුද්ධධර්‍මය. (පි. 101)

අරියපඤ්ඤා

ඉ. ආර්‍ය්‍යප්‍රඥාව, උත්තමප්‍රඥාව. (පි. 101)

අරියපවෙණි

ඉ. ආර්‍ය්‍යප්‍රවෙණිය, ආර්‍ය්‍ය උරුමය. (පි. 101)

අරියපුග්ගල

පු. ආර්‍ය්‍යපුද්ගලයා, සෝවාන් ආදී මාර්‍ගස්ථඵලස්ථ පුද්ගලයා. (පි. 101)

අරියමග්ග

පු. ආර්‍ය්‍යමාර්‍ගය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය. (පි. 101)

අරියවංස

පු. ආර්‍ය්‍යවංශය, ආර්‍ය්‍යපරම්පරාව, සැරියුත් මහමුගලන් ආදී ආර්‍ය්‍යපරම්පරාව, චතුර්විධ ආර්‍ය්‍යවංශ. (අංගුත්තර චතුක්කය බලනු.) (පි. 101)

අරියවාස

පු. අර්‍ය්‍යවාසය, ආර්‍ය්‍යභූමිය, ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාස භූමිය, දශවිධ ආර්‍ය්‍යවාස. (‘දසවාස’ බලනු.) “අරියා වසිංසු වසන්ති වසිස්සන්ති එත්ථානි අරියවාසා. (පි. 101)

අරියසංවාස

පු. ආර්‍ය්‍යයන් හා එක්ව විසීම. (පි. 101)

අරියසච්ච

න. ආර්‍ය්‍යසත්‍යය, චතුඃසත්‍යධර්මය. (පි. 101)

අරියසුඛ

න. ආර්‍ය්‍ය සුවය. (පි. 101)

අරියා

ඉ. චතුර්විධ වෘත්තයන් අතුරෙහි වූ ආර්‍ය්‍යාවෘත්තය, ආර්‍ය්‍යාගීති, වෛතාලීය සහ මාත්‍රාසමක යනු ඒ චතුර්විධ වෘත්ත නමි. (පි. 101)

අරියාගීති

ඉ. ආර්‍ය්‍යාවෘත්තය පිළිබඳ පූර්‍වාර්‍ධය අන්තයෙහි ගුරක් ඇතිව ද්විරා වෘත්ත කොට සෑදූ කළ ආර්‍ය්‍ය ගීතිය වේ. (පි. 101)

අරියුපවාද

පු. ආර්‍ය්‍යොපවාදය. (පි. 101)

අරියුපොසථ

පු. ‘අරියඋපොසථ’ බලනු. (පි. 101)

අරියොපවාද

පු. (අරිය+උපවාද) ආර්‍ය්‍ය පුද්ගලයන්ට කරන උපවාදය, ආර්‍ය්‍යයන්ට ගැරහීම. (පි. 101)