සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 135
අරිස
න. අර්ශස් (=අරිසස්) රෝගය. (පි. 101)
අරු(ක)
න. ව්රණය, වණය, ශරීරගත ව්රණය. (පි. 101)
අරුකාය
පු. ව්රණයන්ගෙන් යුත් ශරීරය, ව්රණසමූහය.
“පස්සචිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිතං, ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති” (පි. 101)
අරුකාර
පු. (ව්රණකාර), බදුල්ල ගස. (පි. 101)
අරුකූපමචිත්ත
න. (අරුක+උපමා+චිත්ත), ව්රණයකට සමාන සිත, ති. එබඳු සිත් ඇති. (පි. 101)
අරුණ
පු. සූර්ය්යොදයෙන් පළමු අහසෙහි නඟින දුඹුරු වර්ණණ රශ්මිය, මඳරත, රත්පැහැය, අරුණවණ්ණතාය අරති ගච්ඡතීති අරුණො අරුණොති වෙත්ථ සුරියයුග්ගමනස්ස පුරෙචරො වඩ්ඪනරත්තො පභා විසෙසොති දට්ඨබ්බො, කිඤ්චිරත්තො අබ්යත්ත රත්තවණ්ණො අරුණො නාම යථා මච්චස්ස අක්ඛීනි. (පි. 101)
අරුණුග්ගමන
න. (අරුණ+උග්ගමන), අරුණොද්ගමනය, අරුණ නැගීම. (පි. 101)
අරුප්පතල
න. අරූතලය, අරූපීලෝකය, (පි. 138)
අරූප
ති. රූප රහිත, රූපයක් නැති. න. නිවන. (පි. 101)
අරූපකායික
ති. අරූපයට අයත්, අරූපීන් පිළිබඳ. (පි. 101)
අරූපධාතු
ඉ. අරූපභවය, අරූපලෝකය. (පි. 102)
අරූපභව
පු. අරූපධාතුව, අරූපලෝකය, අරූතලය. (පි. 102)
අරූපලොක
පු. අරූපභවය, ආකාසානඤ්වායතනය, විඤ්ඤාණඤ්වායතනය, ආකිඤ්වඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන රූපය නැතිව සිත පමණක් පවතින බඹලෝ සතර. (පි. 102)
අරූපසඤ්ඤා
ඉ. අරූපය කෙරෙහි පවත්නා සංඥාව. (පි. 102)
අරූපාවචර
පු. (අරූප+අවචර), අරූපලෝකය, න. අරූප ලෝකයන්හි ප්රතිසන්ධි වශයෙන් හැසිරෙණ සිත. (පි. 102)
අරූපී
ති. රූප රහිත. (පි. 102)
අරෙ
අ. කොල, බොල යනාදී නීචාමන්ත්රණයෙහි හා ප්රශංසායුක්ත ආමන්ත්රණයෙහි. (පි. 102)
අරොග
ති. රෝග රහිත, ලෙඩ නැති, රුදා නැති. (පි. 102)
අල
න. කකුළු ආදීන්ගේ අඬු, “යඤ්ඤදෙවහි සො භන්තෙ කක්කටො අලං අභිනින්නා මෙය්ය තන්තදෙව තෙ කුමාරා වා කුමාරිකා වා කට්ඨෙන වා කඨලෙන වා සඤ්ජින්දෙය්යුං සම්හඤ්ජෙය්යං සම්පලිභඤ්ජෙය්යුං.”
√ භු. භූසනෙ, සැරසීමෙහි, අලති සරසයි. (පි. 102)
අලං
අ. අලඞ්කාර, පර්ය්යාප්ති, ප්රතිෂෙධ, සුදුසු යන අර්ථයන්හි. (පි. 102)
අලංකම්මනිය
ති. කර්මයට සුදුසු, ක්රියාවට යොග්ය. (පි. 102)
අලංපතෙය්ය
පු. හිමියාහට දීමට සුදුසු, පුරුෂයෙකුට පාවාදීමට සුදුසු. (පි. 102)
අලංවචනීය
පු. කීමට සුදුසු, කීමට නුසුදුසු (පි. 102)
අලංසාජීව
ති. සාජීවයට සුදුසු (පි. 102)