සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 136
අලංසාටක
ති. වස්ත්රය ඕනෑ නැති, පු. අධික කොට කෑමෙන් ඇඳිවත ලිහා විසි කරන බ්රාහ්මණයා (පි. 102)
අලක්ක
පු. හෙළවරා ගස, මත්තසුනඛයා, පිස්සු බල්ලා. (පි. 102)
අලක්ඛක
ති. භාග්යය නැති, පින් නැති. (පි. 102)
අලක්ඛී
ඉ. අභාග්යය, පෙර කළ පින් නැති බව. (පි. 102)
අලකා
ඉ. වෛශ්රවණ වරම් රජුගේ නුවර, ආලකමන්දාව. (පි. 102)
අලගද්ද
පු. සර්පයා, නාගයා, අලගද්දොති වෙත්ථ ආසිවිසො වුච්චති. (පි. 102)
අලග්ග
ති. නොඇලුණු, ආසා නොකළ. (පි. 102)
අලග්ගන
න. නොඇලීම, නොතැවරීම. (පි. 102)
අලග්ගිත
ති. ලග්න නොකළ, නොඑල්වූ. (පි. 102)
අලඞ්කත
ති. අලඞ්කෘත, සරසන ලද, සැරසූ. (පි. 102)
අලඞ්කරණ
න. සැරසීම. ආභරණාදියෙන් සැරසීම. (පි. 102)
අලඞ්කාර
පු. ආභරණය, අලඞ්කාර කිරීම, සැරසීම. (පි. 102)
අලජ්ජි
පු. ලජ්ජා නැත්තා, පාපයට හිරි නැත්තා, “අලජ්ජිනං බලං දත්වා හාපෙති විනයං මම, ජීවන්තො යෙව ජාතොසි ගම්හීරා ලොහ කුම්හියා.” (පි. 102)
අලත්තක
න. ලාකඩ, ලතුදිය. (පි. 102)
අලත්තකකත
ති. ලාකඩින් කළ. (පි. 102)
අලති
ක්රි. (අල √ භු. භූසනෙ, අලංකාරයෙහි +ති), සරසයි. (පි. 102)
අලමරියඤාණදස්සන
න. ක්ලේශවිධ්වංශනයෙහි සමර්ථ වූ විශුද්ධ ඥානදර්ශනය. (පි. 102)
අලම්බ
පු. නොඑල්ලීම. (පි. 102)
අලම්බුසා
ඉ. එ. නම් දෙවඟන (පි. 102)
අලස
ති. මැලි, කම්මැලි. (පි. 102)
අලසක
පු. අහර නොදිරීම, අජීර්ණ රෝගය. (පි. 102)
අලසතා
ඉ. මැලිබව, කම්මැලිබව. (පි. 102)
අල්ල
ති. තෙත, දිය සහිත, සිනිඳු. (පි. 102)
අල්ලවත්ථ
ති. තෙත් වස්ත්රය, දිය සහිත වස්ත්රය. ති. එබඳු වස්ත්ර ඇති. (පි. 102)