සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 137

අල්ලාප

පු. ආදියෙහි බිණීම, සුවදුක් පිළිබඳ කථාව. (පි. 102)

අල්ලීන

ති. සැඟවුණු, මුවහ වූ, ඇලුණු. (පි. 102)

අල්ලීයති

ක්‍රි. (අ+ලී. √ කි. සිලෙසෙ, ඇලීමෙහි +ති) ඇලෙයි, වැලඳගනියි. (පි. 102)

අල්ලීයන

න. ඇලීම, එකට එක ඇලීම. (පි. 102)

අලාත

න. පෙනෙල්ල, ගිනිපෙනෙල්ල. (පි. 102)

අලාපු

පු. ලබු, නවමහ ඵලයෙන් එකක් (පි. 103)

අලාබු

න. ලබු, නවමහ ඵලයෙන් එකක්. (පි. 103)

අලාභ

පු. අලාභය, නොලැබීම. (පි. 103)

අලාභී

පු. නොලබන්නා, ලැබී නැත්තා. (පි. 103)

අලාල

ති. (අ = න+ලාල), කෙලතොලු නොවන, ජඩ නොවන. (පි. 103)

අලාලමුඛ

ති. කෙලතොලු නොවූ මුව ඇති. (පි. 103)

අලි

පු. බඹරා, බමරා, ගෝනුස්සා.
√ භු. බන්ධනෙ, බැඳිමෙහි, අලති, බඳියි. (පි. 103)

අලික

න. මුසාවාදය, බොරුව. (පි. 103)

අලිකවාදී

ති. බොරු කියන, අසත්‍යවාදී. (පි. 103)

අලිඞ්ගික

න. ලිඟු නියමයක් නැති, අලිඞ්ගික නාමය, තුම්හ අම්හ ශබ්ද, නිපාත උපසර්‍ග හා ආඛ්‍යාතද අලිඞ්ගිකයි. (පි. 103)

අලිත්ත

ති. නොතැවුරුණු, නොගල්වනලද. (පි. 103)

අලීන

න. නොසැඟවුණු, නොවැසුනු. (පි. 103)

අලීනචිත්ත

න. නොසැඟවුණු සිත, එබඳු සිත් ඇති. (පි. 103)

අලීනතා

ඉ. නොසැඟවුණුබව, නොවැසුනු බව. (පි. 103)

අලුත්තසමාස

පු. විබත් ලොප් නොකොට සිදු කරන සමැසය, අලුප්ත සමාසය (පි. 103)

අලුම්පකාර

පු. ආලොපකරණය, බත්ගුලිකිරීම. (පි. 140)

අලුලිත

ති. අචඤ්චල, කම්පා නොවූ, නොසොල්වන ලද, නොකළඹන ලද. (පි. 103)

අලෙන

ති. ලෙන විරහිත, සැඟවීම් නැති. (පි. 103)

අලෙනතා

ඉ. සැඟවීම් රහිත බව. (පි. 103)