සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 138

අලොචන

ති. ඇස් නැති. (පි. 103)

අලොණ

ති. ලුණු නැති. (පි. 103)

අලොණික

ති. ලුණු නැති. (පි. 103)

අලොභ

පු. අලෝභය, ලෝභයට ප්‍රතිපක්ෂ ධර්මය. (පි. 103)

අලොභි

ති. ලෝභ නැති, දෙන සුලු. (පි. 103)

අලොම

පු. ලොම විරහිත, රොම නැති. (පි. 103)

අලොල

ති. ලොල් නොවන, කෑදර නොවන, ගිජු නොවන. (පි. 103)

අලොලුප

ති. ලොල්බැව් නැති, ලොලතා රහිත. (පි. 103)

අව

√ භු. පාලනෙ, පාලනයෙහි. අවති, පාලනය කරයි.
අ. වියොග, අවබෝධ, අධොභාව, අවිනිශ්චය, ශුද්ධි, අල්ප, නින්දා, අවකාශ, ව්‍යාප්ති, හානි, වාක්ක්‍රියා, සොරකම්, ප්‍රාප්ති යනාදියෙහි. (පි. 104)

අවං

අ. පහත, යටභාගය යන අර්ථයන්හි. (පි. 104)

අවකංස

පු. යටපරිච්ඡේදය, යටත් පිරිස, යටසීමාව, ‘උක්කංස’ බලනු. (පි. 104)

අවකඩ්ඪති

ක්‍රි. (අව+කඩ්ඪ. √ භු. සංකඩ්ඪනෙ. කැඩීමෙහි +ති) කඩයි, ආපසු අදියි. (පි. 104)

අවකඩ්ඪන

න. වරදවා ඇදීම, පහතට ඇදීම. (පි. 104)

අවකඩ්ඪිත

ති. පහතට අදනා ලද, කැඩුනු. “රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ -පෙ-මූළ්හස්ස හොති අවකඩ්ඪිතං පදං” (පි. 104)

අවකත්ථන

න. නානාප්‍රකාර අගුණකථනය. (පි. 104)

අවකප්පන

න. සැරසීම, පිළියෙල කිරීම, ඔකප්පනය. (පි. 104)

අවකස්සති

ක්‍රි. (අව+කස්ස. √ භු. ගතියං, යාමෙහි +ති), අවගමනය කරයි, ආපසු අදියි. (පි. 104)

අවක්කන්ත

පු. ඔක්කන්ත, අවක්‍රාන්ත, පැමිණීම් ඇති, උත්පත්තියට එළඹි. (පි. 104)

අවක්කන්ති

ඉ. අවක්‍රාන්තිය, පැමිණීම, එළඹීම, උත්පත්ති ස්ථානයට පැමිණීම. (පි. 104)

අවක්කමති

ක්‍රි. (අව+කමු. √ භු. පදවික්ඛෙපෙ, පදවික්ෂෙපයෙහි +ති), පද නගා යෙයි. (පි. 104)

අවක්කාර

පු. කසළ, කා ඉතුරුවන දේ, ඉඳුල්. (පි. 104)

අවක්කාරපාති

ඉ. අනුභව කොට ඉතිරිවන දේ (=ඉඳුල්) දමන බඳුන. (පි. 104)

අවක්ඛිත්ත

ති. පහතට හෙලනලද, යටට නමනලද. (පි. 104)

අවකාස

පු. අවසරය, අනාවෘතප්‍රදේශය, හිස්ඉඩම. (පි. 104)