සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 139
අවකිරති
ක්රි. (අව+කිර. √ තු. විකිරණෙ, විසිරීමෙහි +ති) විසුරුවයි, ඉසියි. ‘ඔකිරති’ බලනු. (පි. 104)
අවකුජ්ජ
ති. පහතට හැරුණු, යටිමුව කළ, මුනින් නමනලද. (පි. 104)
අවකුජ්ජපඤ්ඤ
ති. යටිමුවවූ ප්රඥා ඇති. උක්කුජ්ජ නොවූ ප්රඥා ඇති. (පි. 104)
අවකොකිල
පු. කොවුලන්ගෙන් තොර, කොවුලන්ගෙන් වෙන් වූ. (පි. 104)
අවගච්ඡති
ක්රි. (අව+ගමු √ භු. ගතියං, යාමෙහි. ධාත්වන්තයට ‘ච්ඡ‘ ආදේශයි+ති) බැස යෙයි, පහතට යෙයි, දැන ගනියි. (පි. 104)
අවගණ්ඩ
පු. කපොලයෙහි අහර ගුලි ගසා ගැනීම, වඳුරන් මෙන් කපොල්හි අහර පුරවා ගැනීම. (පි. 104)
අවගණ්ඩකාරක
පු. කපොලයෙහි වඳුරන් මෙන් ආහාර ගුලි ඇති කිරීම - “න අවගණ්ඩකාරකං භූඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා.” (පි. 104)
අවගත
ති. බැස ගිය, දැන ගන්නා ලද. (පි. 104)
අවගති
ඉ. නීචගතිය, පහත් ගතිය, නරක පැවත්ම. (පි. 104)
අවග්ග
පු. කා ආදි වර්ග පසින් තොර වූ, ස්වර අට හා යරලව, සහළ, අං යන මොවුහුයි.
ති. (අව+අග්ග) අග පහත්වූ, අගින් නැමුණු. (පි. 104)
අවගාහ
පු. ඇතුළට පිවිසීම, බැස ගැන්ම, දියේ ගිලීම. (පි. 104)
අවගාහති
ක්රි. (අව+ගාහ. √ භු. විලොළනෙ, ඇලලීමෙහි +ති) ගැලෙයි, දියේ ගිලෙයි. ඇතුළත් වෙයි, බැස ගනියි. (පි. 104)
අවගාහන
න. ඇතුළට පිවිසීම, බැස ගැන්ම, දියේ ගිලීම. (පි. 104)
අවගුණඨන
න. වෙළීම, එතීම, ‘ඔගුණ්ඨන’ බලනු. (පි. 105)
අවඞ්ග
ති. නෙත් කෙළවර, න. භික්ඛවෙ. භික්ඛුනියා, අවඞ්ගං කාතබ්බං. (පි. 104)
අවචන
න. නොකිය යුත්ත, න. කියන්නට නුසුදුසුව, න. නිකීම, ති. වචන නැති (පි. 105)
අවචර
පු. හැසිරීම, සඤ්චාරණය. (පි. 105)
අවචරක
පු. හොරට හැසිරෙන්නා, ඔත්තු කාරයා, ඔවරකයා. (පි. 105)
අවචරණ
න. හැසිරීම, ඒ මේ අත ඇවිදීම, සක්මන් කිරීම. (පි. 105)
අවච්ඡිද්දක
න. සිදුර, හිල, කුඩා සිදුර. (පි. 105)
අවච්ඡෙද
පු. කැඩීම, සිඳීම. (පි. 105)
අවජ්ජ
න. දෝෂය, නිර්දෝෂභාවය.
ති. නිවරද්ය, නිදොස්, නොකිය යුතු. (පි. 105)
අවජ්ඣ
ති. වධයට නුසුදුසු, මරණයට නුසුදුසු. (පි. 105)
අවජාත
ති. අවක්රියාවෙන් උපන්, පහත් ගති ඇති, නීචකුලෝත්පන්න. (පි. 105)