සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 142

අවරුද්ධ

පු. ආවරණය කළ, වැසූ. (පි. 106)

අවරුද්ධක

පු. ආවරණය කරන්නා, ඡාදකයා. (පි. 106)

අවරුන්ධති

ක්‍රි. (අව+රුධි √ දි. ආවරණෙ, වැළකීමෙහි +ති) ආවරණ කෙරෙයි, වසයි. (පි. 106)

අවලම්බති

ක්‍රි. (අව+ලබි. √ භු. අවසංසනෙ. එල්ලීමෙහි +ති) එල්ලෙයි, එල්බෙයි, “ඔලම්බති” බලනු. (පි. 106)

අවලම්බන

න. එල්ලීම, එල්බීම. (පි. 106)

අවලිත්ත

ති. ආලේප කළ, ගල්වන ලද. (පි. 106)

අවලෙඛති

ක්‍රි. (අව+ලිඛ √ භු. ලෙඛෙ, ලිවීමෙහි,+ති), ලියයි, ඉරි ගසයි, සූරා දමයි. (පි. 106)

අවලෙඛන

න. ලිවීම, ඉරි ඇඳීම, ඉරි ගැසීම. (පි. 106)

අවලෙඛනකට්ඨ

න. සූරා දමන කාෂ්ඨය, වැසිකිළියෙහි පරිභෝග කරන පුසන්කූර. (පි. 106)

අවලෙප

පු. සුණු ආදීන්ගේ ආලේපය, ගෑම, තැවරීම. (පි. 106)

අවස

ති. අවසඟ, වසඟ නොවන, කීකරු නොවන. (පි. 106)

අවසර

පු. අවකාශය, කාලය, ප්‍රස්තාවය. (පි. 106)

අවසරති

ක්‍රි. (අව+සර. √ භු. ගතියං, යාමෙහි +ති) පහත්ව හැසිරෙයි, අප්‍රකටව හැසිරෙයි. (පි. 106)

අවසවත්තන

න. වසයෙහි නොපැවැත්ම, තමාට අයිතිව නොපැවැත්ම. (පි. 106)

අවස්සං

අ. නිශ්චයෙහි, එකාන්තාර්ථයෙහි. (පි. 106)

අවස්සජති

ක්‍රි. (අව+සජ. √ භු. විස්සජ්ජනෙ, හැරීමෙහි +ති) හරියි, නිදහස් කර යවයි. (පි. 106)

අවස්සජන

න. හැරීම, වෙන් කිරීම. (පි. 106)

අවස්සය

පු. පිහිට, උදව්ව, උපකාරය. (පි. 106)

අවස්සව

ති. වසඟ නොවන, වසයෙහි නොපවතින. (පි. 106)

අවස්සුත

ති. තෙත් වූ. (පි. 106)

අවසාන

න. කෙළවර. (පි. 106)

අවසාය

පු. නිෂ්ඨාව, අවසානය, නිශ්චය. (පි. 106)

අවසිඤ්චන

න. ඉවසීම, සේචනය. (පි. 106)

අවසිට්ඨ

ති. අතිරික්ත, ඉතිරි, ශේෂ. (පි. 106)