සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 141
අවපකාස
පු. විරුද්ධප්රකාශය. (පි. 105)
අවපතිත
ති. පා උඩුකුරුව වැටුනු. (පි. 105)
අවබුජ්ඣති
ක්රි. (අව+බුධ. √ දි. අවබොධෙ, අවබොධයෙහි +ති), අවබෝධ කර ගනියි, ප්රතිවේධ කරයි, දැනගනී. (පි. 105)
අවබුජ්ඣන
න. අවබෝධය, ප්රතිවේධය. (පි. 105)
අවබොධ
පු. අවබෝධය, අර්ථකථාඥානය, තේරුම දැනගැනීම. (පි. 105)
අවබොධති
ක්රි. (අව+බුධ. √ භු. බොධනෙ, අවබෝධ කිරීමෙහි +ති) අවබෝධ කරයි. දැනගනියි. (පි. 105)
අවභාස
පු. ආලෝකය, දීප්තිය, පැහැය, ප්රභාව. (පි. 105)
අවභාසක
ති. දිළිසෙන, බබලන. (පි. 105)
අවභාසන
න. ඔභාසනය, බැබලීම. (පි. 105)
අවභාසිත
ති. බබුලුවන ලද. (පි. 105)
අවභූඤ්ජති
ක්රි. (අව+භූජ . √ රු. පාලනාදිසු+o+ති) අනුභව කෙරෙයි. (පි. 105)
අවභූත
ති. හටගත්, නිපන්. (පි. 105)
අවමංගල
න. අමඞ්ගලය, සිත් නොපිණවන දෙය. (පි. 105)
අවමඤ්ඤති
ක්රි. (අව+මන √ දි. ඤාණෙ, දැනීමෙහි +ති) අවමන් කෙරෙයි. පහත් කොට සිතයි. (පි. 106)
අවමඤ්ඤනා
ඉ. පහත් කොට සිතීම, අවමන් කොට සිතීම. (පි. 106)
අවමාන
පු. න. පරිභවය, හෙළාදැකීම. (පි. 106)
අවමානන
න. අවමන් කිරීම, නිගා කිරීම. (පි. 106)
අවමානිත
ති. අවමානප්රාප්ත, අවමන් ලද, පරිභව ලද. (පි. 106)
අවමානෙති
ක්රි. (අව+මාන. √ චු. පූජායං, පිදීමෙහි +ණෙ+ති), නොපුදයි, අවමන් කෙරෙයි. (පි. 106)
අවය
ති. ව්යය රහිත, පු. ව්යය නෙවීම, වයට විරුඞ දේ, ‘වය’ බලනු (පි. 106)
අවයව
පු. වෙන් වෙන්ව පවත්නා පදාර්ථය, ශරීරාදීන්ගේ කොටස්. (පි. 106)
අවයවත්ථ
පු. ගද්ය පද්යයන්ගේ අනුපද ව්යාඛ්යානය. (පි. 106)
අවරවණ්ණ
ති. ශුද්රවර්ණය, පහත් කුලය, අඩුකුලය. (පි. 106)
අවරුජ්ඣති
ක්රි. (අව+රුධි. √ දි. ආවරණෙ, වැළකීමෙහි +ති), ආවරණය කෙරෙයි, වසයි. (පි. 106)