සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 143

අවසිත

ති. නිශ්චිත, නිමාවට පැමිණි, අනුභව කළ. (පි. 106)

අවසිත්ත

ති. ඉසින ලද, ජල සේවනය කළ. (පි. 106)

අවසිස්සන

න. අවශිෂ්ඨ වීම, ශේෂ වීම, ඉතිරි වීම. (පි. 106)

අවසුච්ඡති=අවසුස්සිස්සති

ක්‍රි. (අව+සුස. √ දි. සොසෙ, වියලීමෙහි +ස්සති. ධාත්වන්තයට හා ප්‍රත්‍යයාගේ ආදියට ‘ච්ඡ‘ ආදෙසයි, වියලෙයි (ජා.අටුවා. සාම ජාතක) (පි. 106)

අවසුස්සති

ක්‍රි. (අව+සුස √ දි. සොසෙ වියලීමෙහි +ති), වියලෙයි, වේලෙයි. (පි. 106)

අවසුස්සන

න. වියලීම, වේලීම. (පි. 106)

අවසෙස

ති. ඉතිරි, අධික, ශේෂ. (පි. 106)

අවහරණ

න. පැහැර ගැනීම. බලහත්කාරයෙන් ගැනීම, සොර සිතින් ගැනීම. (පි. 106)

අවහරති

ක්‍රි. (අව+හර. √ භු. හරණෙ, හැර ගැනීමෙහි +ති) පැහැර ගනී, සොරාගනී. (පි. 106)

අවහසති

ක්‍රි. (අව+හස+ √ භු. හසනෙ, සිනාසීමෙහි +ති) සිනසෙයි, අපහාස කෙරෙයි. (පි. 107)

අවහාර

පු. අවහරණය, සොරකම් කිරීම, සොරා ගැන්ම, ථෙය්‍ය සංඛාතෙන චිත්තෙන අවහරති ආදියති අවහරණංවා අවහාරො පස්විසි අවහාරයන් විනය පොත්වල දක්නට ලැබේ. (පි. 107)