සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 144
අව්හය
පු. කැඳවීම. ආමන්ත්‍රණය, නම. (පි. 104)
අව්හයති
ක්‍රි. (අ+ව්හෙ. √ භු. අව්හානෙ, කැඳවීමෙහි +ති) කැඳවයි, අමතයි. (පි. 104)
අව්හයික
ති. ආමන්ත්‍රණය කරන. (පි. 104)
අව්හා
ඉ. සංඥාව, නාමය, නම. (පි. 104)
අව්හාන
න. කැඳවීම, ආමන්ත්‍රණය. (පි. 104)
අව්හෙති
ක්‍රි. ‘අව්හයති’ බලනු. (පි. 104)
අව්‍යග්ග
ති. එකඟ. (පි. 103)
අව්යග්ගමනස
ති. එකඟසිත් ඇති. (පි. 103)
අව්යග්ඝ
ති. ව්‍යාඝ්‍රයන් රහිත, විචිකිච්ඡා රහිත, ‘වෙය්‍යග්ඝ’ බලනු. (පි. 103)
අව්යත්ත
ති. ව්‍යක්ත නොවන, අපණ්ඩිත, අදක්ෂ. (පි. 103)
අව්යත්තතා
ඉ. අව්යක්තබව, නොපටුබව, අදක්ෂභාවය. (පි. 103)
අව්යත්තරාග
පු. මඳරත. (පි. 103)
අව්‍යභිචාර
පු. නියම විධිය, අනියම් පැවැත්ම ව්‍යභිචාර නමි. ව්‍යභිචාරයක් නැත්තේ අව්යභිචාරයි. (පි. 103)
අව්‍යය
න. ව්‍යය නොවන දෙය, නිපාත උපසර්ග සඞ්ඛ්‍යාත අව්‍යය ශබ්ද, නිර්වාණය. (පි. 103)
අව්‍යයීභාව
පු. ව්‍යය නොවන ස්වභාවය. නිපාත - උපසර්ග පූර්ව ව. සිද්ධ වන එනම් සමාසය, අනව්‍යය පදයන් අව්‍යය වන්නාවූ සමාසය. (පි. 103)
අව්‍යාකත
ති. අප්‍රසිද්ධ, අප්රකාශිත, අව්‍යාකෘත, ප්‍රකාශ නොකළ, කුශලාකුශල වශයෙන් ප්‍රකාශ නොකළ ධර්ම, අටළොස් අහේතුකසිත්ය, සොළොස් කාමාවචර විපාක ක්රියාවෝය, අටළොස් රූපාරූපවිපාක ක්රියාවෝය, සතර ලොකොත්තරඵල චිත්තයෝය යන ධර්මයෝ ද, අටවිසි රූපයෝද, නිර්වාණයද යන මොහු අව්‍යාකෘතධර්‍ම නම් වෙත්. (පි. 103)
අව්යාකතපුච්ඡා
ඉ. කුශලාකුශල දෙකින් තොර වූ අව්‍යාකෘත ධර්මයන් ගැන විචාරීම. (පි. 103)
අව්යාපජ්ජන
න. විකාරයකට නොපැමිණීම, වෙනසකට නොයාම. (පි. 103)
අව්‍යාපජ්ඣ
ති. ව්‍යාබාධ රහිත, හිරිහැර නැති. න. නිවන. (පි. 103)
අව්‍යාපාද
පු. ව්‍යාපාද රහිත බව, ක්‍රෝධ නැති බව, මෛත්‍රිය. (පි. 103)
අව්යාමිස්ස
ති. අමිශ්‍ර, මිශ්‍ර නැති, අව්යාමිශ්ර. (පි. 103)
අව්යාවට
ති. ව්‍යාපෘත නොවන, ක්‍රියාවක නොයෙදී පවතින. (පි. 103)
අව්‍යාසෙක
ති. නෙත් සිත් පිනවන. කෙලෙස් නැති. (පි. 103)
අව්යොසිත
ති. අවසන් නොකළ, කෙළවර නොකළ. (පි. 104)
අවාතපාන
ති. (න+වාතපාන) වාකවුළු නැති ජනෙල් නැති. තෙන ඛො පන සමයෙන විහාරා අවාතපානිකා හොන්ති. (පි. 107)
අවාතාතපහත
ති. (අ = න+වාත+ආතප+හතා) වාතයෙන් හා අවුවෙන් නොනසන ලද, වා අවුවෙන් නොනැසුනු. (පි. 107)
අවාපුරණ
න. කෙස්ස, යතුරු මුදුව. (පි. 107)
අවායාපිත
ති. නොවියවන ලද. (පි. 107)
අවාවට
ති. අව්යාපෘත, ක්‍රියාවක නොයෙදී වාසය කරන. (පි. 107)
අවි
පු. පොර ගසන එළුවා. (පි. 107)
අවිකත්ථි
ති. තමන් ගුණ කියා නොගන්නා. (පි. 107)
අවිකම්පමාන
පු. කම්පිත නොවන, චලනය නොවන. (පි. 107)
අවික්ඛිත්ත
ති. වික්ෂෙපයට පත් නොවූ, එකඟ වූ, නොවිසුරුණු. (පි. 107)
අවික්ඛෙප
පු. අවික්ෂෙපය, සමාධිය, ඒකාග්‍රතාව. (පි. 107)
අවිග්ගහ
ති. විග්රහ රහිත. පු. ශරීරයක් නැති, අනඞගයා, කාමදෙවයා සමාස වාක්‍ය නැති නිත්‍ය සමාසය. (පි. 107)
අවිඝාත
ති. විඝාත රහිත, වෙහෙස නැති, පු. නොනැසීම. (පි. 107)
අවිචක්ඛණ
ති. විචක්ෂණ නොවන, අදක්ෂ, අපණ්ඩිත, අන්ධ. (පි. 107)