සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 145

අවිචාර

ති. විචාර රහිත, විචාරීම් නැති, පු. නොවිමසීම. (පි. 107)

අවිජ්ජමාන

ති. අවිද්‍යමාන, සිදු නොවන, නොමැති. (පි. 107)

අවිජ්ජා

ඉ. අවිද්‍යාව, නොදැනීම, මෝහය, චතුස්සත්‍යය නොදැන්ම. සච්චානං තථට්ඨං අවිදිතං කරොතීනි අවිජ්ජා, දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරෝධෙ අඤ්ඤාණං දුක්ඛනිරෝධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං අයං වුව්වති අවිජ්ජා. (පි. 107)

අවිජ්ජානීවරණ

න. අවිද්‍යා සඞඛ්‍යාත නීවරණය, අවිද්‍යාවෙන් ආවරණය වීම. (පි. 107)

අවිජ්ජාසංයොජන

න. අවිද්‍යා සංයොජනය, අවිද්‍යාවෙන් බැදීම. (පි. 107)

අවිජ්ජාසව

පු. අවිද්‍යා සඞඛ්‍යාත ආශ්‍රවය, මහාඅවිද්‍යාව. (පි. 107)

අවිජ්ජොඝ

පු. අවිද්‍යා සඞඛ්‍යාත ඔඝය, අවිද්‍යා නැමැති සැඩපහර. (පි. 107)

අවිඤ්ඤාණ

ති. විඤ්ඤාණ රහිත, දැනගැනීම් නැති, අවිත්තක. (පි. 107)

අවිඤ්ඤාත

ති. අවබෝධ නොකළ, නොදත්, අප්‍රසිද්ධ. (පි. 107)

අවිඤ්ඤු

පු. අඥානයා, මෝඩයා, ජඩයා. (පි. 107)

අවිතක්ක

ති. විතර්‍ක රහිත, ‘විතක්ක’ බලනු. (පි. 107)

අවිතථ

න. (අ+විතථ) සැබෑ තෙපුල. ති. අසත්‍ය නොවන. (පි. 107)

අවිද්දසු

ති. (න = අ+විද්දසු) අප්‍රාඥ, අපණ්ඩිත, මෝඩ. (පි. 107)

අවිදිත

ති. (න = අවිදිත) අවබෝධ නොකළ, නොදත්. (පි. 107)

අවිදූර

ති. දුර නොවන, සමීප, කිට්ටු. (පි. 107)

අවිනාස

පු. අවිනාශය, නොවැනැසීම. (පි. 107)

අවිනාසක

ති. විනාශ නොවන, විනාශ නොකරන. (පි. 107)

අවිනාසන

න. නොනැසීම, විනාශ නොකිරීම. (පි. 107)

අවිනිච්ඡය

පු. (අ+වි+නිච්ඡය) නිශ්චය නැති බව. ති. විනිශ්චය රහිත, එකාන්ත නොවන. (පි. 107)

අවිනිච්ඡයඤ්ඤූ

ති. විනිශ්චය නොදන්නාසුලු. (පි. 107)

අවිනිපාත

ති. විනිපාත නොවන, විවසව පතිත නොවන, නපුරු කොට පතිත වීම් රහිත. (පි. 107)

අවිනිබ්භුජති

ක්‍රි. (අ+වි+නි+භුජ. √ රු. පාලනෙ. රැකීමෙහි +ති) වෙන් නොකරයි, වෙනස් නොකරයි. (පි. 107)

අවිනිබ්භොග

ති. වෙන් නොකටහැකි, වෙනස් නොකටහැකි. (පි. 107)

අවිනිබ්භොගරූප

න. වණ්ණ, ගන්ධ, රස, ඔජා සතර මහාභූත යන මේ රූප අට (වෙන්කර ගත නොහැකි හෙයින් මොහු අවිනිබ්භොගරූප නම් වෙත්.) (පි. 108)