සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 146
අවිනීත
ති. නොහික්මුනු, අකීකරු. (පි. 108)
අවිපරිණාම
පු. නොපෙරළීම, ති. විකාර නොවන, වෙනස් නොවන, ස්ථිර. (පි. 108)
අවිපරිණාමධම්ම
පු. නොපෙරළෙන ස්වභාවය, වෙනස්නොවන ගතිය, එකාකාරයකින් පවත්නා ස්වභාවය. ති. එබඳු ස්වභාවය ඇති. (පි. 108)
අවිප්පටිවාස
පු. වෙන් නොවන වාසය, එකට විසීම. (පි. 108)
අවිප්පටිසාර
පු. විපිළිසර නොවීම, පසුතැවිලි නොවීම. (පි. 108)
අවිප්පවාස
පු. වෙන්ව නොවිසීම, එකට විසීම. (පි. 108)
අවිප්පවාසසම්මුති
ඉ. තුන්සිවුරෙන් වෙන්ව විසීමට සංඝයා විසින් භික්ෂු නමකට දෙන සම්මුතියක්. (පි. 108)
අවිප්පවාසසීමා
ඉ. තුන්සිවුරෙන් වෙන්ව විසීමෙන් වරදක් නොවන ලෙස සම්මත කළ සීමාව. (පි. 108)
අවිභූත
ති. අප්‍රකට, අප්‍රසිද්ධ, නොපතළ. (පි. 108)
අවියත්ත
ති. අව්‍යක්ත, දක්ෂ නොවන. (පි. 108)
අවිරත
න. නිරන්තරය, නිතොර. (පි. 108)
අවිරාධන
න. නොවරැද්දීම. (පි. 108)
අවිරුද්ධ
ති. විරුද්ධ නොවන, සතුරු නොවන. (පි. 108)
අවිරූළ්හ
ති. නොහටගත්, නොඋපන්. (පි. 108)
අවිරූළ්හධම්ම
පු. නොහටගන්නා ස්වභාවය, නැවත නූපදනා ස්වභාවය. ති. එබඳු ස්වභාව ඇති. (පි. 108)
අවිරූළ්හිච්ඡන්ද
ති. විරූළ්හිච්ඡන්ද නොවන, පුනර්භව සංඛ්‍යාත විරූළ්හිය (= හටගැන්ම) පිණිස වූ ආසා නැති. (පි. 108)
අවිරොධ
පු. විරොධ රහිත බව, විරුද්ධ නැති බව, එකට ගැළපීම. ති. විරුද්ධ බැව් නැති. (පි. 108)
අවිරොධධම්ම
පු. අවිරුද්ධස්වභාවය, එකට ගැළපෙන ස්වභාවය, ති. ඒ ස්වභාවය ඇති. (පි. 108)
අවිරොධන
න. විරුද්ධ නොවීම. (පි. 108)
අවිලම්බිත
ති. ලැසි නොවන, ශීඝ්‍ර. (පි. 108)
අවිලුත්ත
ති. පැහැර නොගත්, බලෙන් උදුරා නොගත්, (පි. 108)
අවිවට
ති. අප්‍රකට, අප්‍රසිද්ධ, විවෘත නොවන. (පි. 108)
අවිවදමාන
ති. (න+විවදමාන) වාද විවාද නොකරන.
පු. විරුද්ධවාද නොකරන. (පි. 108)
අවිවය්හ
ති. විවාහයට නුසුදුසු. ‘විවාහ’ බලනු. (පි. 108)