සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 147

අවිවාද

පු. විවාද රහිත බව, ති. විරුද්ධවාද නැති. (පි. 108)

අවිවිච්ච

පු.ක්‍රි. (අ+වි+විව √ විවෙචනෙ, වෙන් කිරීමෙහි ත්වා = රච්ච) වෙන්නොවී. විවේක නොගෙන. (පි. 108)

අවිවිත්ත

ති. (අ = න+විවිත්ත) කාය විවේකාදිය නැති, පළිබොධ සහිත. (පි. 108)

අවිසංවාද

පු. (අ = න+වි+සං+වාද) නොරැවටීම, සත්‍ය වචන කීම, බොරු නොකීම. (පි. 108)

අවිසංවාදක

ති. අවිසංවාද ඇති. (පි. 108)

අවිසංවාදන

න. බොරු නොකීම, නොරැවටීම. (පි. 108)

අවිසංවාදී

ති. විසංවාද නැති, බොරු නොකියන. (පි. 108)

අවිසය

පු. විෂය නොවූ තැන, අයුතු තැන. (පි. 108)

අවිස්සජ්ජන

න. වීසි නොකිරීම, නොහැරීම. (පි. 108)

අවිස්සජ්ජිය

ති. නොදිය හැකි, නොහැරිය හැකි, දුරුනොකට හැකි. (පි. 108)

අවිස්සාස

ති. විශ්වාස රහිත, ඇදහිලි නැති, පු. විශ්වාස නොකිරීම. (පි. 108)

අවිසාරද

පු. විසාරද නොවන, පණ්ඩිත නොවන, අශ්‍රේෂ්ඨ, බිය නොවන, ‘විසාරද’ බලනු. (පි. 108)

අවිසාරී

ති. නොපතළ, අප්‍රකට. පු. එනම් ගීතස්වරය. (පි. 108)

අවිසාහාර

පු. නොවිසිරීම, එකඟබව. (පි. 108)

අවිහ

පු. එනම් බඹලොව. (පි. 108)

අවිහිංසා

ඉ. මෙරමාහට හිංසා නොකිරීම, පීඩා නොකිරීම, නොමැරීම. (පි. 108)

අවිහිංසාසඤ්ඤා

ඉ. මෙරමාහට හිංසා නොකිරීමේ සංඥාව. (පි. 109)

අවිහිත

ති. නොදක්වනලද, නොකරනලද. (පි. 109)

අවිහෙඨක

ති. හිංසා නොකරන, පීඩා නොකරන. (පි. 109)

අවිහෙඨන

න. පීඩා නොකිරීම, හිංසා නොකිරීම. (පි. 109)

අවිහෙස

ති. වෙහෙස රහිත, පීඩා නැති. (පි. 109)

අවීචි

ති. (අ = න+වීචි) අතරක් නැති, එකාබද්ධ. දිය රළ නොමැති, පු. අවීචිනිරය. (පි. 109)

අවීචිනිරය

පු. ගිනිදැල්වලින් වත් දුකෙන් වත් සතුන්ගෙන් වත් අතරක් නැති නිරය, අටමහනිරයෙන් එකක්. (පි. 109)

අවීත

ති. පහ නොකළ, දුරු නොකළ, ක්ෂය නොකළ, (පි. 109)