සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 148
අවීතරාග
පු. ප්‍රහීණ නොකළ රාගය. ති. පහනොකළ රාගය ඇති. (පි. 109)
අවීතික්කම
පු. අව්‍යතික්‍රමය, නොඉක්මවීම. (පි. 109)
අවීතික්කමණ
න. ව්‍යතික්‍රමණය නොකිරීම, ඉක්ම නොයෑම. (පි. 109)
අවුට්ඨික
ති. වැහි නැති. (පි. 109)
අවුත්ත
න. නොකියන ලද්ද, ප්‍රකාශ නොකරනලද්ද. (පි. 109)
අවුත්තසිද්ධිනය
පු. කියනලද වචනයන්ගෙන්ම නොකී දෙයත් දතහැකි වීමේ රීතිය, අනුක්ත සිද්ධිනය. (පි. 109)
අවූපසන්න
ති. නොසන්සිඳුනු, නොසන්සුන්. (පි. 109)
අවූපසමන
න. නොසන්සිඳීම, ශාන්ත නොවීම. (පි. 109)
අවූපසමිත
ති. නොසන්සිඳුවන ලද, ශාන්ත නොකරන ලද. (පි. 109)
අවෙකල්ල
න. විකල නොවන බව, අඞ්ග ප්රත්යඞ්ගාදිය පිළිබඳ විකාර නොමැති බව. ති. විකලබවක් නැති. (පි. 109)
අවෙක්ඛණ
න. බැලීම, පරීක්ෂා කිරීම. (පි. 109)
අවෙක්ඛති
ක්‍රි. (අව+ඉක්ඛ √ භු. දස්සනෙ, දැකීමෙහි = ති) බලයි, පරීක්ෂා කරයි. (පි. 109)
අවෙක්ඛිත
ති. බලනලද, පරීක්ෂා කළ. (පි. 109)
අවෙච්ච
පු.ක්‍රි. (අ+වි+ඉ √ ගතියං, යාමෙහි. ත්වා = රච්ච.) ප්‍රතිවේධ කොට, දැනගෙන. (පි. 109)
අවෙච්චප්පසාද
පු. අචලප්රසාදය, ගුණ දැන පැහැදීම. (පි. 109)
අවෙධ
ති. කම්පා නොවීම, නොසෙල්වීම. (පි. 109)
අවෙධඞ්ගික
ති. (අවෙධ+අඞ්ගික) නොසෙල්වෙන අවයව ඇති. (පි. 109)
අවෙධධම්ම
පු. අචඤ්චලස්වභාවය, නිශ්චල ගතිය. ති. ඒ ස්වභාව ඇති. (පි. 109)
අවෙභඞ්ගි(ය)ක
ති. කොටස් නොකටහැකි. නොබෙදිය හැකි. (පි. 109)
අවෙර
න. වෛර නොකිරීම. ති. වෛර නැති. (පි. 109)
අවෙරී
ති. වෛර නැති. (පි. 109)
අවෙලා
ඉ. අකාලය, අසීමාව. (පි. 109)
අවොසිත
ති. (අ+වොසිත) අවසන් නොකළ. කෙළවර නොකළ. (පි. 109)
අස
√ භු. දිත්ත්යාදානෙසු, බැබලීමෙහි, ගැනීමෙහි +ති අසති, බබලයි, ගනියි.
√ හූ. භූවි, වීමෙහි, අත්ථි, වෙයි, සිදුවෙයි.
√ කි. භොජනෙ, අනුභවයෙහි +ති අස්නාති, අනුභව කරයි.
√ සු. ව්යාපනෙ, ව්‍යාප්තියෙහි, අසුණාති, ව්‍යාප්ත වෙයි, පැතිරෙයි. (පි. 111)