සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 149
අසංයත
ති. සඤ්ඤත නොවන, සංයම රහිත. (පි. 111)
අසංයුත
ති. යුක්තනොවූ, එකාබද්ධ නොවූ. (පි. 111)
අසංයොග
පු. සංයොගයක් නැති, එනම් නොබැඳුනු ව්යඤ්ජනාක්ෂරයි. (පි. 111)
අසංවාස
ති. එක්ව නොවිසීම. (පි. 112)
අසංසග්ග
පු. සංසර්ගනොවීම, එකතු නොවීම. ති. සංසර්ග නැති. (පි. 111)
අසංසග්ගකථා
ඉ. අසංසර්ගය පිළිබඳ කථාව. (පි. 111)
අසංසට්ඨ
ති. එකට සංසර්ග නොවූ, කලවම් නැති. (පි. 112)
අසංසය
පු. සංසය රහිත බව, ති. සැක නැති. (පි. 112)
අසංහාරිය
ති. ගෙන ගිය නොහැකි. (පි. 112)
අසංහිර
ති. පැහැර ගත නොහැකි. (පි. 112)
අසක්කච්චං
අ. නොසකස් කොට, යහපත් නොකොට යන අරුත්හි. (පි. 111)
අසක්‍ය
ති. සාක්‍ය වංශයට අයත් නොවූ, එම වංශයේ නූපන්. (පි. 111)
අසකිං
අ. නොයෙක්වර, බොහෝවර. (පි. 111)
අසඞ්කච්චික
ති. තන වැස්ම නැති, තන වසා පොරවන ලද සිවුර නැතිව. (පි. 111)
අසඞ්කිණ්ණ
ති. අසඞ්කීර්‍ණ, නොගැවසීගත්. (පි. 111)
අසඞ්කිලිට්ඨ
ති. කිලුටුනොවූ, පිරිසිදු නැති. (පි. 111)
අසඞ්කුප්ප
ති. කොප්ය නොවන, වෙනස් නොවන. (පි. 111)
අසඞ්ඛත
න. ප්‍රත්‍යයයන් විසින් රැස්නොකළ, සංස්කරණය නොකළ, නිර්වාණය. (පි. 111)
අසඞ්ඛතධාතු
ඉ. නිර්වාණ ධාතුව. (පි. 111)
අසඞ්ඛතලක්ඛණ
න. අසඞ්ඛත ධර්මයාගේ ලක්ෂණය. (උත්පාද-ස්ථිති-භඞ්ග යන ලක්ෂණත්රය නොපෙණීම අසඞ්ඛත ලක්ෂණයයි.) (පි. 111)
අසඞ්ඛ්‍ය
න. ගණන් නිම නැති, සඞ්ඛ්‍යාවක් කළ නොහැකි. (පි. 111)
අසඞ්ඛාරපරිනිබ්බායි
පු. ඉ. ප්‍රයොග රහිතව, වෙහෙස නොවී සැපසේ පිරිනිවන් පාන පුද්ගලයා. (පි. 111)
අසඞ්ඛොබ්භ
ති. නොකැලඹිය හැකි. (පි. 111)
අසඞ්ඛොහ
පු. අචඤච්ල බව, කම්පා නොවීම. (පි. 111)