සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 150

අසඞ්ග

ති. නොඇලෙන. (පි. 111)

අසඞ්ගමානස

න. නොඇලෙන චිත්තය. (පි. 111)

අසඞ්ගාහන

ති. සඞ්ග්‍රහ නොවන, ඇතුළත් නොවන. (පි. 111)

අසජ්ජමාන

ති. නොගැටෙන, නොහැපෙන. (පි. 112)

අසජ්ඣායන

න. නොහැදැරීම, සජ්ඣායනා නොකිරීම. (පි. 112)

අසඤ්ඤත

ති. සංයත නොවූ, නොහික්මුනු. (පි. 112)

අසඤ්ඤත්ති

ඉ. නොහැඟවීම, නොදැන්වීම. (පි. 112)

අසඤ්ඤභව

පු. රූපභවය, සිතෙහි දොස් දැක අචිත්තකභාවය උතුම්යයි ඒ පිණිස භාවනා කොට ධ්‍යාන ලබා උපදනා අසඤ්ඤීභවය. (පි. 112)

අසඤ්ඤසත්ත

පු. සොළොස් බඹතලයෙන් එකළොස්වැනි බඹතලය. “නත්ථි සඤ්ඤා එතෙසන්ති අසඤ්ඤා, අසඤ්ඤායෙව සත්තා අසඤ්ඤාසත්තා.” (පි. 112)

අසඤ්ඤසමාධි

පු. අචිත්තකභාවයම උතුමැයි ගෙන උපදවන සමාධිය. (පි. 112)

අසඤ්ඤී

ති. සංඥා නැති, හැඳිනීම් රහිත. (පි. 112)

අසඤ්ඤීවාද

පු. අෂ්ටප්‍රකාර අසංඥීවාදය. (බ්‍රහ්මජාල සූත්‍රය බලනු) (පි. 112)

අසත්වවාචක

න. නිපාතපදය, ද්‍රව්‍ය සත්ව නමි. ද්‍රව්‍ය වාචක නොවන්නේ අසත්වවාචකයි. (පි. 112)

අසති

ක්‍රි. (අස. √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි. (පි. 112)

අසද්ධම්ම

පු. අසත්පුරුෂධර්‍මය, මිත්‍යාධර්‍මය, මෛථුනය. (පි. 112)

අසන

න. ආහාරය, අනුභවය. පු. පියාගස. (පි. 48)

අසනග්ගි

පු. හෙනගින්න. (පි. 112)

අසන්ත

පු. අසත්පුරුෂයා, නොසන්සුන් තැනැත්තා. (පි. 112)

අසන්තවිධි

පු. අවිද්‍යාමාන විධිය, කිසිවිටක කිසි සූත්‍රයකින් සිදු නොවන කාර්‍ය්‍යය. (පි. 112)

අසන්තාසී

ති. තැති ගැනීම් රහිත. (පි. 112)

අසන්තුට්ඨි

ඉ. අසතුට, අමනාපය, අසන්තුෂ්ටිය. (පි. 112)

අසන්තුට්ඨිතා

ඉ. නොසතුටුබව, අසන්තුෂ්ටභාවය. (පි. 112)

අසනි

ඉ. හෙනය, විදුලිය. (පි. 112)

අසනිපාත

පු. හෙන වැටී(දී)ම. (පි. 112)