සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 151

අසනිවිචක්ක

න. සෙනපහර, අසනිපාතය. (පි. 112)

අසපත්ත

ති. (අ = න+සපත්ත) නොසතුරු, අවිරුද්ධ. (පි. 112)

අසප්පාය

ති. නොසැප, අහිත. (පි. 112)

අසප්පුරිස

පු. අසත්පුරුෂයා, දුෂ්ටයා. යං රාජතො හොති භයං මහන්තං, සබ්බසසහරණාදි වධාදිකං ච, අකතඤ්ඤුනා සප්පුරිසෙන හොති, ආරාවසොභො පරිවජ්ජනීයො. (පි. 112)

අසබල

ති. සබල නොවූ. (පි. 112)

අසබ්බධාතුක

න. අජ්ජතනී, පරොක්ඛා, කාලාතිපත්ති, භවිස්සන්ති යන ආඛ්‍යාත විභක්ති සතර අසබ්බධාතුක නමි. සර්‍වධාතුක සංඥා නොලබන බැවිනි. (පි. 112)

අසබ්භ

ති. අසභ්‍ය, අශීලාචාර, සභාවට යොග්‍ය නොවූ. (පි. 112)

අසබ්භි

අ. අසත්පුරුෂයා විසින්, “සබ්හි” බලනු. (පි. 112)

අසභ්‍ය

ති. නොමැඩිය හැකි, නොදිනිය හැකි, නොඉවසිය හැකි. (පි. 113)

අසභාව

පු. අස්වභාවය, නපුරු ස්වභාවය. (පි. 112)

අසම

ති. අසමාන, සමාන නොවන. පු. බුදුරජ. (පි. 113)

අසමසම

පු. අසමානයන්ට සමාන තැනැත්තා, බුදුරජ. (පි. 113)

අසම්පකම්ප

ති. කම්පා නොවන, නොසෙල්වෙන. (පි. 112)

අසම්පජඤ්ඤ

න. මනාප්‍රඥා නැතිබව, නොදත් බව, අඥානභාවය. (පි. 112)

අසම්පජාන

පු. යහපත් ප්‍රඥානැති (මනොරථ දුක, තතිය පණ්ණාසක) (පි. 112)

අසම්පත්තග්ගාහ

පු. වෙතට නොපැමිණි අරමුණු ගැනීම. (පි. 113)

අසම්පත්තග්ගාහක

න. වෙතට නොපැමිණි අරමුණු ගන්න (ඉන්ද්‍රිය) (ඉන්ද්‍රියයන් අතුරෙන් චක්ඛු-සොතද්වය අසම්පත්තග්ගාහය ඇති ඉන්ද්‍රියයෝය යනු ඇතැම් ආචාර්‍ය්‍ය සම්ප්‍රදායයන්ගේ මතයකි) (පි. 112)

අසම්පවෙධි

ති. නොවෙවුලන, නැති නොගන්න. (පි. 112)

අසම්බාධ

ති. සම්බාධ රහිත, හිරිහැර නැති. පු. සම්බාධ නැතිබව. (පි. 112)

අසම්භව

පු. නිතර සිදු නොවන, හදිස්සියෙන් සිදුවන, අහම්බයෙන් වන. (පි. 112)

අසම්භුත්ත

න. නොහැකිවීම, න. නොකට හැකි බව. (පි. 112)

අසම්මූළ්හ

ති. නොමුළාබව, අවිනාසය. (පි. 113)

අසමාන

ති. සමාන නොවන, එකාකාර නොවන. (පි. 113)

අසමාහිත

ති. එකඟ නොකරන ලද, සන්නොසිඳි. (පි. 113)