සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 152

අසරණ

ති. පිහිට නැති, අනාථ. පු. පිහිට නොවීම. (පි. 113)

අසරණි

ති. අසරණ වූ, පිහිටක් නැති. (පි. 113)

අසරූප

පු. සමාන රූපයක් නැතිවීම, අවර්‍ණයට ඉවර්‍ණ ආදිය අස රූපයි. (පි. 113)

අසල්ලක්ඛණ

න. නොසැලකීම, මනාව ලක්ෂණ නොවීම. ති. ලකුණු නැති. (පි. 113)

අසල්ලීන

ති. නොසැඟවුණු, ගුප්ත නොවන. (පි. 113)

අසවණ්ණ

පු. සමාන වර්‍ණයක් නැතිවීම, එ. ඔ දෙක. (පි. 113)

අසස්සත

ති. ශාශ්වත නොවන, සර්‍වකාලික නොවන. (පි. 113)

අසස්සතවාද

පු. අශාශ්වතය යන වාදය. (පි. 113)

අසහන

න. නොඉවසීම, ක්ෂමා නොකිරීම. (පි. 113)

අසහමාන

ති. නොඉවසන. (පි. 113)

අසහාන

පු. නොඉවසන, ක්ෂමා නොකරන. (පි. 113)

අසහාය

ති. සහාය රහිත, මිත්‍රයන් නැති, අසරණ. (පි. 113)

අසහිත

ති. නොඉවසන ලද, ක්ෂමා නොකළ. (පි. 113)

අස්නාති

ක්‍රි. (අස. √ කි. භොජනෙ, අනුභව කිරීමෙහි = නා+ති) වලඳයි, අනුභව කරයි. “පුත්තානං ඵලමස්නාති.” (පි. 109)

අස්ම

පු. ගල, පාෂාණය. (පි. 109)

අස්මපුප්ඵ

න. ගල්මල්, ගල්සෙවෙල. (පි. 109)

අස්මසාර

පු. න. යකඩ. (පි. 109)

අස්මිමාන

පු. මම වෙමියි යන මානය, අහඞ්කාරය. (පි. 109)

අස්ස

පු. අශ්වයා, අසු, වන්නේය යන අර්ථ ඇති ක්‍රියාවක්. (පි. 109)

අස්සකණ්ණ

පු. අශ්වකර්ණණ, අසුගේ කණ, සල්ගස, අසුගස, එනම් පර්‍වතය. (පි. 109)

අස්සඛලුඞ්ක

පු. අශ්වපොතකයා, නාඹු අශ්වයා, උතුම් අශ්වයා. (පි. 109)

අස්සජි

පු. පස්වග මහණුන් වහන්සේලාගෙන් පස්වැනි රහතුන් වහන්සේ. (පි. 109)

අස්සතර

පු. කොටළුවාට දාව අශ්වධෙනුවගෙන් හෝ අසුට දාව කොටළුදෙනගෙන් හෝ උපන් අහසින් ගමන් කළහැකි අශ්වයා, අශ්වවිශේෂයක්, යක්ෂ කොටසක්. (පි. 109)