සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 153
අස්සතරී
ඉ. අශ්වතරධෙනුව. (පි. 109)
අස්සත්ථ
පු. ඇසතුගස, ඇසටුබෝ ගස. ති. අස්වැසීමට පැමිණි, සැනසිලි ලත්. (පි. 109)
අස්සති
ක්රි. (අසු √ දි. ඛෙපෙ, දැමීමෙහි +ති) දමයි. (පි. 110)
අස්සදම්ම
පු. අශ්වාචාර්ය්යයා, අසුන් දමනය කරන්නා. (පි. 110)
අස්සද්ධ
ති. ශ්රද්ධා නැති. (පි. 110)
අස්සද්ධිය
න. ශ්රද්ධා රහිත බව, ඇදහීම් නැති බව. (පි. 110)
අස්සපදවිග්ගහ
පු. සමස්යමාන පදයන්ගෙන් විග්රහ නොවන්නේ අස්සපදවිග්ගහ නමි. (පි. 110)
අස්සපුට
න. (= භස්මපුට) හිසෙහි අළු විසිරවීම. අළු පොට්ටනිය. (පි. 110)
අස්සපොතක
පු. නාඹු අශ්වයා, තරුණ අශ්වයා. (පි. 110)
අස්සභණ්ඩ
පු. (අස්සබන්ධ?) අශ්වපාලකයා. (පි. 110)
අස්සම
පු. න. චතුරාශ්රම. බ්රහ්මචාරී ගෘහස්ථ වානප්රස්ථ භික්ෂු හෝ පිරිවැජි යන ආශ්රම සතර.
පු. ආශ්රමය, තාපසාරාමය, පන්සල, අසපුව. (පි. 110)
අස්සමණ
පු. අශ්රමණයා, ශ්රමණ නොවන්නා, භික්ෂු නොවන්නා, ශ්රමණගුණ නැත්තා. (පි. 110)
අස්සමණ්ඩල
න. අස්මඩුල්ල, අස්හල. (පි. 110)
අස්සමණ්ඩලික
පු. අස්මඩලෙහි නියුක්තයා. (පි. 110)
අස්සමාරක
පු. අසුන් මරන්නා. කණේරුගස. (පි. 110)
අස්සමුට්ඨික
පු. එනම් තවුස් වෙසෙස. මිටින් ගලක් හෝ වෑපොරෝ ආදී අන් සැතක් හෝ ගෙන හැසිරෙණ, බඩගිනි වූ විට හමුවූ ගසක පොතු අනුභව කොට පෙහෙවස් ඉටා සිවු බඹසර වඩන තවුස් වෙසෙස (සුත්ත නිපාතට්ඨ කථා හිරිසුත්ත වණ්ණනා.) (පි. 110)
අස්සමෙධ
පු. අසුන් මරා කරන බිලි පූජාව, යාගවිශේෂයක් “පඤ්චමහායාග” බලනු. (පි. 110)
අස්සයුජ
පු. අස්විද නැකත. එයින් යුත් පසළොස්වක ඇති මාසය, වප්මස. (පි. 110)
අස්සර
පු. ස්වර නැති. එනම් බ්යඤ්ජනාක්ෂරයි. (පි. 110)
අස්සල
පු. එනම් ඍෂියා. (පි. 110)
අස්සලක්ඛණ
න. අශ්වයන්ගේ ශුභාශුභ ලක්ෂණ ප්රකාශ කරන ශාස්ත්රය. (පි. 110)
අස්සලණ්ඩ
න. අස්වසුරු, අශ්වබෙටි. (පි. 110)
අස්සලායන
පු. මේ බ්රාහ්මණ මානවකයා තවත් පිරිසක් කැටුව බුදුන්වෙත පැමිණ බණ අසා තුණුරුවන් සරණගිය කෙනෙකි. තමාගේ ගේ ඇතුළෙහි දාගැබක් කෙළේය. (අස්සලායන සූත්රය බලන්න.) (පි. 110)
අස්සව
ති. කීකරු, පු. ප්රතිඥාව, පූයාව, සැරව. (පි. 110)