සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 188

ආමිසරත්න

න. ආමිසරත්නය. (පි. 134)

ආමිසලොක

ති. පඤ්චකාම වස්තූන් පිරි ලෝකය. (පි. 134)

ආමිසසත්ථාර

පු. ආමිසය ඇතිකිරීම, ආමිසය පැතිරීම. (පි. 134)

ආමිසසන්නිචය

පු. ආමිස රැස්කිරීම, ආමිස එකතුකිරීම. (පි. 134)

ආමිසසන්නිධි

ඉ. ආමිස නිදන්කර ගැනීම. (පි. 134)

ආමිසිද්ධි

ඉ. (ආමිස+ඉද්ධි) ආමිස ඍද්ධිය. (පි. 134)

ආමුඤ්චති

ක්‍රි. (ආ+මුව √ රු. මොචනෙ, මිදීමෙහි +ති) මුදයි, ලිහයි. (පි. 134)

ආමුත්ත

පු. යුද්ධයෙහි හඳනා ලද වස්ත්‍රාදිය, සැරසෙන ලද, පළඳනා ලද. (පි. 134)

ආමුත්තමණිකුණ්ඩල

ති. පළඳන ලද රන් කොඬොල් ඇති, (පි. 134)

ආමෙඩිත

ති. ආමෙණ්ඩිත බලනු. (පි. 135)

ආමෙණ්ඩිත

ති. භය, ක්‍රෝධ, ප්‍රශංසා, ඉක්මන්, කුහුල්, ආශ්චර්‍ය්‍ය යනාදියෙහි එකවචන දෙතුන් වරක් කීම, කීවක් නැවත නැවත දෙතුන්වරක් කීම, “ආමෙණ්ඩිතන්තු විඤේඤය්‍යං දවිත්තික්ඛත්තු මුදීරණං.” (පි. 135)

ආමොද

පු. සන්තෝෂය, දුරට හමන සුවඳ. (පි. 135)

ආමොදක

පු. සතුටුවන්නා, සුවඳකවන, අසමෝදගම්. (පි. 135)

ආමොදති

ක්‍රි. (ආ+මුද √ භු. සන්තොසෙ, සතුටෙහි +උ+ද්ධ+ති) සතුටුවෙයි. (පි. 135)

ආමොදන

න. සතුටුවීම, සන්තෝෂය. (පි. 135)

ආමොදනා

ඉ. සන්තෝෂය, සතුටුවීම. (පි. 135)

ආමොදමාන

පු. සතුටුවන, සතුටුවනු ලබන. (පි. 135)

ආමොදිත

ති. සතුටුවන ලද, සතුටු වූ, තුටු කළ, සුවඳ ගල්වන ලද. (පි. 135)

ආමොදිතපමොදිත

ති. සතුටුවන ලද, බෙහෙවින් සතුටුවන ලද, සුවඳ ගල්වන ලද, අතිශයින් සුවඳ ගල්වන ලද, (පි. 135)

ආමොදෙනි

ක්‍රි. (ආ+මුද √ චු. සංසග්ගෙ, එකතුවීමෙහි +ණෙ+ති) එකතුවෙයි, සමගි වෙයි, සන්තෝෂවෙයි. (පි. 135)

ආය

පු. ලැබීම, වෘද්ධිය, ධනප්‍රාප්තිය, ධන ලාභය පැමිණීම, ඇතුළ්වීම. (පි. 135)

ආයආපාය

න. වැඩ අවැඩ, යහපත අයහපත, හොඳනරක, (පි. 135)

ආයකම්මික

පු. භාණ්ඩාගාරිකයා, අයකැමියා, අයබදු එක්කරන්නා. (පි. 135)

ආයකුසල

පු. ධන රැස්කිරීමේ දක්ෂ. (පි. 135)