සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 189

ආයකොසල්ල

පු. මුදල් රැස්කිරීමෙන් ලාභ ලැබීමෙහි දක්ෂ බව. (පි. 135)

ආයත

ති. දීර්‍ඝ, දික්, මහත්, පතළ. (පි. 135)

ආයතංස

පු. (ආයත+අංස) දීර්‍ඝකොටස. (පි. 135)

ආයතකම

පු. දීර්‍ඝ, “නභික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො භාසිතබ්බො.” (පි. 135)

ආයතග්ග

පු. (ආයති+අග්ග) විපුලඵල භාවයෙන් මත්තෙහි අග්‍රවන. (පි. 135)

ආයතන

න. උත්පත්ති දේශය, කාරණය, දෙවාලය, වාසස්ථානය, ආකරය, රැස්වන තැන, පදපූරණය යනාදියෙහි. (ආයස්ස වා තනනතො ආයතස්ස වා සංසාර දුක්ඛස්ස නයනතො ආයතනානි.) (පි. 135)

ආයතනඋප්පාද

පු. ආයතනයන්ගේ ඉපදීම. (පි. 135)

ආයතනකුසල

පු. ආයතනයන් පිළිබඳ දක්ෂ බව. (පි. 135)

ආයතනට්ඨ

පු. ආයතන පිහිටි තැන. (පි. 135)

ආයතනපණ්ණත්ති

ඉ. ආයතන පැනවීම. (පි. 135)

ආයතනික

පු. ආයතනයට අයත්, කාරණයට අයත්. (පි. 135)

ආයතපණ්හී

ඉ. දික්විලුම් ඇත්තා, බුදුරජ. (පි. 135)

ආයතපම්හ

පු. දික්වූ ඇස්ලොම්, දීර්‍ඝාක්ෂිරොම. (පි. 135)

ආයත්ත

ති. අයිති, සන්තක, පිළිබඳ. (පි. 135)

ආයතා

ඉ. දීර්‍ඝභාවය, දික්ස්වභාවය. (පි. 135)

ආයති

මතු, අනාගත කාලය. (පි. 135)

ආයතික

පු. අනාගතයට අයිති, මත්තෙහි ලැබියයුතු. (පි. 135)

ආයතිකා

ඉ. ජල නලය, වතුර පයිප්පය. (පි. 135)

ආයතිඵල

න. මතු ජාතියෙහි ඇතිවන ඵලය. (පි. 135)

ආයතිභව

පු. මතු පැමිණෙන භවය, අනාගත භවය. (පි. 135)

ආයන

පු. මාර්‍ගය, ගමන. (පි. 135)

ආයපරිච්චාග

පු. කෙනෙකුගේ ආදායම වියදම් කිරීම. (පි. 135)

ආයපොත්ථක

න. ආදායම් ලියන පොත, ලේකම් පොත. (පි. 135)

ආයබ්බ

පු. (ආය+වය. ව. = බ. බ ද්විත්තයි) අය සහ වැය. (පි. 135)