සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 197
ආලම්බ
න. අරමුණ, ගෝචරය, එල්බීම. (පි. 139)
ආලම්බණ
න. අරමුණ, එල්ලීම, හේත්තුවීම, ගෝචරය. (පි. 139)
ආලම්බණදණ්ඩ
පු. එල්ලෙන දණ්ඩ, සැරයටිය. (පි. 139)
ආලම්බණඵලක
න. හේත්තුවන ලෑල්ල, හාන්සිවන පුවරුව. (පි. 139)
ආලම්බණබාහු
න. එල්ලෙන අත්වැල, (පි. 139)
ආලම්බණරුක්ඛ
න. එල්බ හිඳිනා රුක. (පි. 139)
ආලම්බති
ක්රි. (අ+ලම්බ √ භු. ආවසංසනෙ, එල්ලීමෙහි +ති) එල්ලෙයි, හාන්සිවෙයි. (පි. 139)
ආලම්බර
පු. පණාබෙරය, කොලාහලය. (පි. 139)
ආලම්බිත
ති. එල්ලන ලද, එල්ලූ. (පි. 139)
ආලය
පු. තෘෂ්ණාව, අපේක්ෂාව, ගෙය. (පි. 139)
ආලයති
ක්රි. (ආ+ √ දි. සිලෙසනෙ,ඇලීමෙහි +ය+ති) ආලය කරයි, ඇලෙයි. (පි. 139)
ආලයරත
ති. පස්කම් සැපතෙහි හා තෘෂ්ණාවෙහි ඇලුණු. (පි. 139)
ආලයරාම
පු. තෘෂ්ණා වස්තූන්හි ඇලීම. (පි. 139)
ආලයසමුග්ඝාත
පු. තෘෂ්ණාව නැති කිරීම. ආශාව උපුටා හැරීම. (පි. 139)
ආලයාභිනිවෙස
පු. ආලයෙහි ඇතුළත් වීම. (පි. 139)
ආලවාල(ක)
පු. තෝතැනි, ගස්මුල් සෝදා නොයෑම පිණිස ගසවටේට බඳනා වැටිය. (පි. 140)
ආලවි
න. එනම් රට, එනම් ජනපදය, අලව් නුවර. (පි. 140)
ආලස්ස
පු. අලසයා, මැලිතැනැත්තා. (පි. 140)
ආලස්සානුයොග
පු. අලස භාවයෙහි යෙදීම. (පි. 140)
ආලස්ය
න. අලසභාවය, මැලිබව. (පි. 140)
ආලසායනා
ඉ. අලසබව. (පි. 140)
ආලසිය
ති. ආලස්යය, අලසබව. (පි. 140)
ආලසියාභිභූත
ති. කුසීතකමින් මඩනාලද, අලසකමින් මඩනාලද. (පි. 140)
ආලාත
පු. ගිනිපෙනෙල්ල. (පි. 140)